ජනපති පොදු සමාව ප්‍රයෝජනයට නොගෙන හමුදාවට බාර නොවුණ පැනගිය සෙබළුන් හා ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් මේ සතියේ සිට ආරම්භ කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.
මෙතෙක් නොවූ පරිදි දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති බලගන්වා රැකවරණය දෙන හා රැකියා ලබාදෙන සේවා යෝජකයන් මෙන්ම පවුලේ අයට වුවද වසර දෙකක සිරදඬුවමක් දියහැකි බව ඔහු කියා සිටී. අදාළ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා අයට හා රැකවල් දුන් අයට නඩු පවරණ බවද ඔහු කීය.
පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සිට ඉකුත් නොවැම්බර් 22 වැනිදා දක්වා වූ පොදු සමා කාලයේදී නිලධාරීන් 24ක් ඇතුළුව 11,208 ක් හමුදාවට භාරවී නීත්‍යානුකූලව අස්වීම ලබා ගැනීමට කටයුතු කර තිබේ. කෙසේවුවද, එම අවස්ථාව මඟහැර තවත් 28,000ක් සැඟව සිටින බවද පැවසේ.
Monday, November 27, 2017
බාර නොවූ හමුදා සෙබළු ඇල්ලීමට මෙහෙයුමක් අරඹයි !
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment