නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමට වඩා බෙහෙවින් පසු පසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකට පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම යටතේ ලබාදුන් තීරණය වැරදි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි.
මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත්
දසුන් මේ හේතුවෙන් බලවත් පසුතැවිල්ලෙන් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි. පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ චෝදනාව පිළිගත් දසුන් ශානකට තරඟ ගාස්තුවෙන් 75% ක දඩයක් හා සෘණාත්මක ලකුණු තුනක් එක් කිරීමට තරඟ තීරක කටයුතු කළේය.
ඒ අනුව, දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.2.9 වගන්තියේ සඳහන් වන ක්‍රීඩකයෙක් බවත් ක්‍රීඩකයන්ට සහය වන්නෙක් පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ 41.3 වරදට හසුව තිබෙන බවත් ඔහුගේ දඩ මුදලට අමතරව දසුන්ගේ විනය ලකුණුවලට සෘණ ලකුණු තුනක් එකතුවී ඇත් බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Monday, November 27, 2017
ශානකට දුන් තීරණය අසාධාරණයි- ගුරුසිංහ
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment