ශ‍්‍රීලනිපය ගෙනා නිතරග ගිවිසුමට කෙලගසා පයින් ගසා විසි කරයි.. මහින්ද පොහොට්ටුවෙන් තීන්දුයි.. තුන් ඈවරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 7, 2017

ශ‍්‍රීලනිපය ගෙනා නිතරග ගිවිසුමට කෙලගසා පයින් ගසා විසි කරයි.. මහින්ද පොහොට්ටුවෙන් තීන්දුයි.. තුන් ඈවරයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතර ගිවිසුමක් ය‍ටතේ තරග කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

එම මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් තරග වැදීමට කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව පැවසූ රණතුංග මහතා නිදහස් පක්ෂයටත් අවශ්‍ය නම් එම සන්ධානය යට‍තේ කොන්දේසි සහිතව තරග කළ හැකි බවත් පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ සමිතිය පිහිටුවීමේ අවස්ථාවට 04 වැනි දා එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ කල්දමමින් තිබුණු පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ දී පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ඡන්දය ආණ්ඩුව තමන්ගේ ස්වකැමැත්තෙන් ජනතාවට දුන් ඡන්දයක් නොවෙයි. ඡන්ද කල්දාලා පරාජයෙන් බේරෙන්න හදපු ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා නිසා ඡන්දය නොතියා බැරි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට අපි පළ කරපු විරෝධතා නිසා තමයි මේ ඡන්දය ලබාගන්න පුළුවන් වුණේ.

මේ ඡන්දය රටට ඉතාමත් තීරණාත්මකයි. බැඳුම්කර හොරු, රට බෙදන ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයක් බවට මේ ඡන්දය පත්වෙනවා. දාහක් බොරු කියලා බලය ගත්ත ආණ්ඩුව වසර තුනකට පස්සේ ආයෙමත් ජනතා අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. මේ ජනතා අධිකරණයෙන් ලැබෙන තීන්දුව හමුවේ බියෙන් සලිත වෙලා ඉන්න ආණ්ඩුවේ නායකයෝ ඡන්දය දිනන්න නොයෙකුත් කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. පාතාල නායකයන්ගේ සහයෝගය ලබාගැනීමේ සිට අපිව සිරගත කිරීම දක්වා නින්දිත උපක්‍රම  ඒ අතර වෙනවා.

එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද ඡන්දයක් ඉල්ලන්න ගමට යන්න බැරි තැනට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තවදුරටත් හොරකම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය, මාධ්‍ය නිදහස ගැන පොරොන්දු දෙන්න මේ හොර ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. එ. ජා. ප වලිගේ එල්ලීගෙන සිරිකොතේ ඉඳුල් බුදින නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ගමේ ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය ඔන්න දැන් බලාගන්න පුළුවන්. කොළඹට වෙලා කයිවාරු ගැහුවට ඡන්දය ඉල්ලන්න ගමට එන්න ඕනේ කියලා අපි එදා ඉඳලම කිව්වේ ඔය නිසයි.


අපේ නියත ජයග්‍රහණය හමුවේ සමහරු දැන් කලබලා වෙලා තියෙන බවක් පේනවා. අපේ ජයග්‍රහණය වළක්වන්න වගේම අපේ පාක්ෂිකයන් අධෛර්යමත් කරන්නත් ඔවුන් කටයුතු කරනවා. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතරග ගිවිසුමක් යටතේ තරග කරන්නට අපේ කිසිදු සූදානම් නැහැ. 

ඉදිරි මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුක්තව පුළුල් පෙරමුණක් යටතේ තරග වදින්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවශ්‍ය නම් අපගේ සන්ධානය යටතේ තරග කළ හැකියි. හැබැයි ඒ කොන්දේසි සහිතව. රෑ වැටුණු වළේ දවලුත් වැටිලා රටත් ජාතියත් අමාරුවේ දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙවර සූදානම් නැහැ. අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා පමණක් නොවෙයි මේ රටේ අලුත් දේශපාලන සම්ප්‍රදායක් හදලා ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමේ මාවත සකස් කරන්නටත් සූදානමින් සිටිනවා. 

මේ ආණ්ඩුවෙත් තියෙන්නේ සද්දේ විතරයි. වැඩ නැහැ. වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad