චන්ද්‍රිකා ශ‍්‍රීලනිප සභාපති ධුරයට.. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමතිකමකුත්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 7, 2017

චන්ද්‍රිකා ශ‍්‍රීලනිප සභාපති ධුරයට.. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමතිකමකුත්…

ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප සම්මේලනයේදී චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සයේ සභාපති ධුරය සදහා පත් කිරීමට සාකච්චාවක් එම පක්‍ෂ අභ්‍යන්තරයේ පැවැත්වෙන්නේ යයි වාර්තා වෙයි.

මෙම යෝජනාය සදහා සහාය පල කිරීමට ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුද සූදානමින් සිටිනේන යයි එම ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම කණ්ඩායමේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිස ශ‍්‍රීලනිපයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගෙන පක්ෂයෙන් නෙරපා දැමීමට චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය ශ‍්‍රීලනිප සභාපතිනි කිරීම තුලින් හැකිවනු ඇති බවයි.

එමෙන්ම ජාතික ලයිස්තුවෙන් ඇය පාර්ලිමේන්තුවට පත් කර ව්‍යවස්ථා කටයුතු හා සංහිදියාවට අදාල වන ඇමති ධුරයක් පිරිනැමීමට යෝජනා වී ඇති බවට මිට පෙර වාර්තා පල විය.

No comments:

Post a Comment

Post Bottom Ad