සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය
මෙහි දැක්වෙයි. සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ.
පොලිතින් නිෂ්පාදන තහනම් කරමින් පරිසරය ආරක්ෂා කිරීමට රජය උත්සහ කරද්දී ගුවන් මගින් දිරාපත් නොවන තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්තරා සමාගමකට ඉඩ දී ඇත.
ඒ අනුව ඊයේ හෙළිකොප්ටර් යානයක් භාවිතා කරමින් අදාල සමාගමේ නිෂ්පාදන ගුවනේ සිට බිම දමනු ලැබීය.මෙසේ කිරීම ඉතා අවදානම් වන අතර කුඩා දරැවෙකුගේ හිසට මෙම තේ කොළ පැකට්ටුවක් වැටුනහොත් ඊට වගකියන්නේ කවුද යන්න අප ප්‍රශ්ණ කරන අතර බල්ලන් මරා හෝ සල්ලි හොයන රජයේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසද අප රජයට බල කරමු.
මේ පිළිබදව වහා විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ද ලිඛිත ඉල්ලීමක් කර ඇත. එසේ නොකරන්නේ නම් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අප අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කරන බවද දන්වමු.
රංජිත් විතානගේ
සභාපති
Saturday, November 25, 2017
හෙළිකොප්ටරයක් අහසේ සිට තේ කොළ පැකට් විසි තරයි.. ජන ජීවිත අනතුරේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment