දුව බැංකුවට ගියා ගියාමයි තාම ගෙදර ඇවිත් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 25, 2017

දුව බැංකුවට ගියා ගියාමයි තාම ගෙදර ඇවිත් නෑ

බැංකු කටයුත්තක් සඳහා යැයි කියමින් පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා ගල්ගමුව සොලෙපුර නිවසින් පිටව ගිය කාන්තාවක මේ වනතෙක්ම අතුරුදන්ව ඇතැයි ඇගේ මවුපියන් දන්වා ඇත.
නිසංසලා සඳමාලි රාජපක්ෂ නමැති ඇය අවුරුදු 25ක දෙදරු මවකි. අතුරුදන් වූ කානතාව අනුරාධපුර නගරයේ බැංකුවකට මුදල් ලබා ගැනීම සඳහා යන බව කියමින් ඉකුත් මස 26 වැනිදා උදෑසන 9.30ට පමණ සිය මිත්තණිය සමඟ
පිටව ගොස් තිබේ. 

ඉන්පසු මිත්තණිය සමග තඹුත්තේගම නගරයෙන් බැස ඇති ඇය මිත්තණියට අවශ්‍යව තිබූ කළමනා රැගෙන දී ඇයව බස් රථයකට නංවා පිටත් කර එවා තිබේ. එදා හවස සිට මෙවනතුරුම ඇගේ  දුරකතනය ක්‍රියා කර නැත. ගිරිබාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුරේ බැංකුවට අදාළ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී ඇය බැංකුවට ආ අයුරු සටහන්ව ඇති අතර බැංකුව ඇතුළේ සිට සල්ලි රගෙන පාරට එන දර්ශනද ඇත. නමුත් ඉන් පසු ඇයට සිදුවූ දේ ගැන සාක්ෂි හමුවී නැත.

අතුරුදන් වූ මෙම කාන්තාව කරුවලගස්වැව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර, අවුරුදු 8ක හා 4ක කුඩා පිරිමි ළමයින් දෙදෙනකුද සිටින්නියකි. සිය සැමියාගෙන් වෙන්ව ඇති ඇය එතැන් පටන් ජීවත්ව ඇත්තේ ඇගේ මවුපියන්ගේ නිවෙසේය. තොරතුරු දන්නේ නම් 0725691670 යන අංකයට දැනුම් දෙන ලෙස මවුපියෝ ඉල්ලා සිටී.



No comments:

Post a Comment

Post Bottom Ad