පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ තිබූ දැවැන්ත වටිනා ගස් සියල්ල මේ වන විට නොමැති බව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය පහමුණේ සුමංගල නා හිමියන් පෙන්වා දෙනවා.
රක්ෂිතයේ ඉපැරණි පුරා විද්‍යාත්මක ස්මාරක සියයකට වැඩි ප්‍රමාණයක්ද
ඩෝසර් කර නිධන් හාරා ඇති බවත් ඉපැරණි බුදු පිළිම වහන්සේලා වෙන් වන අයුරින් කඩා බිඳ දමා ඇති බවත් සඳහන් කරනවා. සෝමාවතිය රක්ෂිතයේ අලි රංචුවේ සිටි ඇත්තු හය හත් දෙනාගෙන් එකෙක්වත් අද වනවිට දැක ගැනීමට පවා නොමැති අතර මෙම විනාශයන් නතර කර ගැනීමට නොහැකි බවයි ස්වාමීන් වහන්සේ පැවසුවේ.
ජාතික පරිසර සංරක්ෂණ වැඩ සටහනට සමගාමීව ඊයේ (18) ඓතිහාසික සෝමාවතිය පුද බිමේ පැල දහසක් රෝපණය කිරීමේ උත්සවයේදී මේ බව පවසා සිටියා. පුජ්‍ය පහමුණේ සුමංගල නා හිමියන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ මෙම විනාශය පිළිබඳව රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, බුද්ධශාසන සහ වනජීවී ඇමතිවරයා ඇතුළු පිරිසගේ අවධානය යොමු වී එය රැක ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කිරීම ඔවුන්ගේ පරම යුතුකමක් බවයි.
එහිදී ස්වාමීන් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්නේ "මේ කැළයට ඇතුළු වෙලා බලපුවහම එක වටිනා ගහක්වත් හොයා ගන්න නෑ.. මම පසුගිය දිනක පේරාදෙණිය ශිෂ්‍යයොත්..පොලිසිය සහ හමුදාවත් එක්ක මේ කැලයට ගියා. ගස් සේරම කපලා පොලොව යට වලවල් හදලා ඉරනවා. කැලයේ ඇතුලේ ඉපැරණි වෙහෙර විහාර සිය ගණනක් තිබෙනවා. ඒවා බිමට සමතලා කරලා. නිධන් හරලා බුදු පිළිම කැලිවලට කඩලා.. අත් ළඟින්, බෙල්ල ළඟින්, කකුල් ළඟින් කඩලා දාලා.. නිධන් සොයලා තියෙනවා." යනුවෙනි.
Sunday, November 19, 2017
පොළොන්නරුව සෝමාවතිය කැලේ විනාශ කරනවා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment