දුම්රියේ අතරමං වූ කෝටි පහමාරේ චෙක්පත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

දුම්රියේ අතරමං වූ කෝටි පහමාරේ චෙක්පත

රුපියල් පන් කෝටි හැට නව ලක්‍ෂයක්‌ වටිනා චෙක්‌පත් රැසක්‌ බොරලැස්‌ගමුවේ සමාගමකට අයත් ලිපිගොනු කවරයක දමා කොළඹ සිට මහනුවරට ඊයේ (26 දා) පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය මැදිරියක තිබියදී දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

දුම්රිය ආරක්‍ෂක නිලධාරී දයාරත්න මහතා විසින් සොයා ගනු ලැබූ
චෙක්‌පත් සහිත ලිපිගොනුව අදාළ මගියා සොයා භාරදීමට කටයුතු යොදන ලදී. චෙක්‌පත් අතර මුදල් චෙක්‌පත් රැසක්‌ ද තිබුණු බව පැවසේ.

සිරිල් විමලසුරේන්ද්‍ර

No comments:

Post a Comment

Post Bottom Ad