සොර සැමියා හා සොර බිරිය මැරූ සොර සැමියා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

සොර සැමියා හා සොර බිරිය මැරූ සොර සැමියා අත්අඩංගුවට


තම අනියම් බිරිය අනියම් ඇසුරක් පවත්වන බව අතටම අසුවීමෙන් පසු ඒ දෙදෙනාව මරා දමන ලද දැරණියගල ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට  අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(27) උදැසන 05.30ට පමණ දැරණියගල, මාලිබොඩ ප්‍රදේශයේ පුද්ගලික වතු සමාගමකට අයත් වත්තක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

පසුගිය 25 වනදා රාත්‍රියේ දැරණියගල බාලිබොඩ ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබු අතරම එම කාන්තාවගේ කුඩා දැරියන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad