දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අනුව දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල මිලිමීටර් 75ක් පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර උතුරු ප්‍රදේශයට ඊයේ (26) සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මුලතිවු සහ වව්නියාව ප්‍රදේශයටයි. කුඩා වැව් වැසි ජලයෙන් පිරීම හේතුවෙන් ජල ගැලීම් ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
Monday, November 27, 2017
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment