සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර නොවැම්බර්මස 16වැනිදායින් ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සදහා ක‍්‍රිඩාකරන 16දෙනෙකුගෙන් යුත් ඉන්දියානු සංචිතය ප‍්‍රකාශයට පත්කොට තිබෙන අතර එම සංචිතයෙන් තුන්ඉරියව් ක‍්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ඉවත් කොට තිබෙනවා.
ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පාන්ඩ්‍යා හට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. 24 හැවිරිදි හර්දීක් පාණ්ඩ්‍යා පසුගිය ශ‍්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් වරම් හිමිකරගත් අතර එහි මංගල තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වු අතර තෙවැනි තරගයේදී වේගවත් ශතකයක් ලබාගනිමින් ලකුණු 108ක් ලබාගැනීමට සමත් විය.ශ‍්‍රි ලංකා සංචාරයෙන් පසුව පැවැත්වීමට නියමිත දකුණු අප‍්‍රිකාව තරගාවලියේදී පාණ්ඩ්‍යාගෙන් උපරිම දායකත්වයක් ලබා ගැනීමට මෙම තීරණය ගෙන ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි
පළමු තරග දෙක සදහා නම් කරන ලද ඉන්දියානු කන්ඩායම
India squad for first two Tests: Virat Kohli (C), KL Rahul, M Vijay, Shikhar Dhawan, Cheteshwar Pujara, Ajinkya Rahane (VC), Rohit Sharma, Wriddhiman Saha (WK), R Ashwin, Ravindra Jadeja, Kuldeep Yadav, Mohammed Shami, Umesh Yadav, Bhuvaneshwar Kumar, Ishant Sharma
Friday, November 10, 2017
ඉන්දියානු සංචිතය වෙනස්වෙයි.. හර්දික් පාන්ඩ්‍ය කණ්ඩායමෙන් ඉවතට
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment