මත්තලින් ඩුබායි යන්න ආ පිරිස කටුනායකට හරවා යවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

මත්තලින් ඩුබායි යන්න ආ පිරිස කටුනායකට හරවා යවලා

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සංචාරක වීසා මත ඩුබායි බලා යාමට පැමිණි මගීන් තිදෙනකු පෙරේදා (25 දා) පෙරවරුවේ නැවත හරවා යෑවීමට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කටයුතු කළ බවට එම මගීහු චෝදනා කරති.

ඉකුත් 25 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඩුබායි යාම
සඳහා මගීන් 26 දෙනකු පැමිණ තිබේ. ඔවුන් පැමිණ තිබුණේ පෙරවරු 7.50 ට මත්තල ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යන ගුවන් යානය අපේක්‍ෂා වෙනි. කෙසේ වෙතත් පෙරවරු 7.50 ට මත්තලින් පිටත්ව යන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යන ගුවන් යානයට යැමට තිදෙනකුට ඉඩදී නැත.

වැල්ලවාය වරුණගම පදිංචි එම්. පැතුම් බුද්ධික (27)-

මම උදේ 5.00 ට විතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ පෙරවරු 7.50 ට මත්තලින් තියෙන ඩුබායි ගුවන් යානයෙන් ඩුබායි බලා යන්න. මගේ අම්මා දැන් අවුරුදු 5 ක විතර ඉඳලා සේවය කරන්නේ ඩුබායි රටේ. අම්මා අසනීපෙන් ඉන්න නිසා අම්මට අවශ්‍ය බෙහෙත් හේත් ආදිය අරගෙන තමයි මං ඩුබායි යන්න අද ගුවන්තොටුපළට ආවේ. නමුත් µaලයිට්‌ එක මත්තලට ආවටත් පස්‌සේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරීන් මාව ගොඩක්‌ වෙලා ඒ අයගේ ළඟ තබාගෙන විවිධ ප්‍රශ්න අහලා යන්න දෙන්න බෑ කිව්වා. 

ඒ වෙලාවේ මං ඇහුවා ඇයි යන්න දෙන්න බැරි කියලා. ඒ වෙලාවේ ඒ අය මට කිව්වා අලුත් පනතක්‌ ඇවිත් තියෙනවා විසිට්‌ වීසාවලට රටවල් වලට යවන්න එපා කියලා. ඒ නිසා කැමති නම් කොළඹ කටුනායකට ගිහින් එහේ ගුවන්තොටුපළෙන් ඩුබායි යන්න කිව්වා. මට නම් තේරෙන්නේ නෑ එකම රටේ ගුවන් තොටුපළවල් දෙකක නීති දෙකක්‌ මොකද්ද කියලා.

විසිට්‌ වීසාවලින් යන්න දෙන්න බෑ කිව්වාට අපිත් එක්‌ක ඒ පලයිට්‌ එකටම යන්න ඇවිත් හිටිය ගෑනු ළමයි තුන්දෙනෙක්‌ යෑවීමට නිලධාරීන් කටයුතු කළා. මම මීට පෙර මත්තල ගුවන්තොටුපළෙන් ඩුබායිවලට දෙපාරක්‌ ඇවිත් ගිහින් තියෙනවා. ඒ අම්මා අසනීප වුණු අවස්‌ථාවලට එයාට ඕන බෙහෙත් අරගෙන. ඒ වගේම මම ඩුබායි රටේ අවුරුදු දෙකක්‌ රැකියාවකුත් කළා. මේ වතාවේ මං මාස තුනකට විසිට්‌ වීසා එකක්‌ දමාගෙනයි අම්මා ඉන්න තැනට යන්නේ.

කොහොම නමුත් අද මට මේ වුණ අසාධාරණයට නිලධාරීන් වගකිව යුතුයි. විශාල මුදලක්‌ වියදම් කරගෙන මම මේ ආවේ. ඇයි නිලධාරීන් මේ විදියට අපිට සලකන්නේ. අනික මම නීත්‍යනුකූලවයි ඩුබායි යන්න ආවේ. නීති විරෝධී අයුරින් යන්න ආව නම් මෙහෙම කළාට කමක්‌ නෑ. මේ පිළිබඳව වහා සොයා බලන ලෙස වගකිවයුතු අයගෙන් ඉල්ලනවා.

මත්තල - දිලීප් එන්. ජයසේකර

No comments:

Post a Comment

Post Bottom Ad