ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහගේ පුරප්පාඩුව සදහා පියසේන ගමගේ මහතා නම් කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අදාල අධිකරණ තීන්දුව ලැබුනු පසු මෙම කටයුත්ත කරන බවද ඔහු සදහන් කලේය. මේ අතර මැතිවණ කොමිෂන් සභාව පවසන්නේ ගාල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියාගේ අනුමැතිය යටතේ සන්ධානයේ මීළගට මනාප ගත් පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ලෙස ගැසට් කරන බවයි. එම ගැසට් කිරීමෙන් පසු නව මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම සිදු කල හැකි යයිද මැතිවරණ කොමිසම සදහන් කරයි.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම්වරයාගේ ලිපියක උවමනාවක් කොමිසම විසින් මතු නොකල අතර ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර නම් කිරීමේදී පමණක් පක්‍ෂ ලේකම්වරයාට මැදිහත්විය හැකි බවද පැවසීය.
Friday, November 3, 2017
ගීතා වෙනුවෙන් පියසේන පත් කිරීම කරන්නේ ඇමති අමරවීර..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment