කෞෂාල් සිල්වා- කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවතට.. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට යන ශ‍්‍රි ලංකා සංචිතය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

කෞෂාල් සිල්වා- කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවතට.. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට යන ශ‍්‍රි ලංකා සංචිතය මෙන්න

එළැඹෙන ශ්‍රී ලංකා-ඉන්දීය ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා පසුගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට සහභාගි නොවූ ධනංජය ද සිල්වා සහ 2016 වසරේ මාර්තු මාසයේදී එක් ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කර ඇති දසුන් ශානක නම් කර ඇත.

එසේම මේ මස 16දා සිට පැවැත්වෙන තරග තුනකින් සමන්විත ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයෙන් පසුගිය ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව සිටි කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර ඇතැයිද දැනගන්නට ඇත. කෞෂාල් පාකිස්ථාන තරඟාවලිය තුල එතරම් ඉහල දකෂතා දැක්වීමට සමත් නොවුනද ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් එක්දින තරඟාවලිය තුලද කෞශාල් වර්ණනා කරමින් පැවසුවේ ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයට කෞශාල්ගේ නිහඬ දායකත්වය ඉතා වැදගත් වූ බවත් ඔහු වැනි කණ්ඩායම වෙනුවෙන් දැඩිව කැපවෙන ක්‍රීඩකයෙකු සීමිත පන්දුවාර තරඟ සඳහාද සිටිය යුතු බවය.

කුසල් මෙන්ඩිස් පාකිස්ථාන තරඟාවලිය තුල පිතිකරුවකු ලෙස අසාර්ථක වූ අතර ඔහු ඉන්දියාව සමඟ පැවති අවසන් ටෙස්ට් තරඟාවලියේදී ශතකයක්ද ලබා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි. ධනංජය දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා ලෙස ඉහල දක්ෂතා දක්වන අතර දසුන් අදාළ තරඟාවලියේ දෙවන සිව් දින තරඟයේ ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර ඔහු නිමාවූ පාකිස්ථාන සංචාරයේ අවසන් T20 තරඟයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

තවද එම සංචාරයට ඇතුළත් වූ වේගපන්දු යවන නුවන් ප්‍රදීප්ගේ ආබාධිත තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් ඉන්දීය සංචාරයට තෝරාගෙන නොමැති අතර, අසේල ගුණරත්නද තේරීම් සඳහා සලකා බලා නොමැත්තේ ඔහුගේ ආබාධිත තත්ත්වයද සම්පූර්ණයෙන්ම සුව වී නොමැති නිසා බව දැනගන්නට ඇත. තවද එළැඹෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගය 16දාත්, දෙවැනි තරගය 24දාත් ආරම්භ වන අතර, තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 2වැනිදා සිට 6දා දක්වාය.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින තරගාවලිය දෙසැම්බර් 10දා සිට 17දා දක්වාත්, විස්සයි-20 තරග තුන දෙසැම්බර් 20-24 දක්වාත් පැවැත්වෙන අතර තෝරාගෙන ඇති ටෙස්ට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, රංගන හේරත්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ලක්‍ෂාන් සඳකැන්, දසුන් ශානක.

No comments:

Post a Comment

Post Bottom Ad