ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකු කළ රත්‍රන් සොරකමක් හෙළි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකු කළ රත්‍රන් සොරකමක් හෙළි වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකු කළ රත්‍රන් සොරකමක් හෙළි වෙයි
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු 50 හැවිරිදි ගුවන් යානා කාර්යය මණ්ඩල සුපරීක්ෂකවරයකු ලෙස සේවය කරන අතර සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔහු කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය විශේෂිත පටි වර්ගයක් භාවිතා කර තම උදර ප්‍රදේශයේ සහ කකුල්වල බැඳගෙන සිටියදී රේගු අත්අඩංගුවට පත්ව ඇත. මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad