රට තුළ ඇත්තේ එක නීතියයි - ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

රට තුළ ඇත්තේ එක නීතියයි - ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

රට තුළ ඇත්තේ එක නීතියයි - ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
රට තුළ නීතීන් දෙකක් ක්‍රියාත්මක වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසයි. ඊයේ (18) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාව වැදපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බවයි. සමහර පුද්ගලයෝ බලන විදිය සහ අර්ථකථන තුළින් මෙවැනි වැරදි අදහසක් සමාජ ගත වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පැවසිය හැකි වුවත් එය පිළිගන්නා ආකාරය අනුව නොයෙක් මතයන් ගොඩ නැගෙන අතර මේ වන විට රට තුළ ඇත්තේ එක් නීතියක් බවත් එය නිවැරදිව ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad