වේටර්ගේ නහය සපා කෑවයි හෝටල් අමුත්තාට 25000 ක දඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 26, 2017

වේටර්ගේ නහය සපා කෑවයි හෝටල් අමුත්තාට 25000 ක දඩයක්


හෝටලයකට ගොස් තේ බීමෙන් පසුව සිගරැට්ටුවක් ගෙනඑන්නදැයි ඇසූ වේටර් සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුගේ නාසය සපයා තුවාල කළේයැයි කියන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ
කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙටිය දැඩ සහ අත්හිටවූ සිරදඬුවම් නියම කළාය. 

මෙසේ දඬුවම නියම වුරේ ඩබ්.ඒ. දයානන්ද නමැත්තකුටය. තුවාල ලැබු පැමිණිලිකරුට වන්දියක් ලෙස විත්තිකරු රුපියල් 25,000ක් ගෙවා ඇති බවද සඳහන්විය. වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකරුට වසර 5 කට අත්හිට වූ බරපතළ වැඩසහිත අවුරුදු 1ක සිරදඩුවමක් නියම විය. ඊට අමතරව රුපියල් 1500ක දඩයක්ද නියම කෙරුණු අතර මොහු තහනම් පිහියක්ද ළඟ තබාගෙන සිටියේ යැයි වෙනම චෝදනාවක වරද පිළිගැනීමෙන් පසු ඒ සඳහා රුපියල් 50ක දඩයක්ද නියමවිය.
කොටුව පොලිසිය මොහුට එරෙහිව නඩු පවරා තිබේ


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *