CPL වසරේ කණ්ඩායම නම් කරයි..කණ්ඩායමේ නායකත්වය ලංකාවේ ‘සංගා’ට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 11, 2017

CPL වසරේ කණ්ඩායම නම් කරයි..කණ්ඩායමේ නායකත්වය ලංකාවේ ‘සංගා’ට (PHOTOS)

පසුගියදා නිමාව දුටු කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු ක‍්‍රීඩකයින් දැක්වු සුවිශේෂී දක්ෂතා මත CPL වසරේ කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව තිබෙන්නේ ජැමෙයිකා තලාවාස් කන්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කල ශ‍්‍රි ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරටයි.

නම් කල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ.එවින් ලෙවිස් සහ බ්‍රෙන්ඩන් මැකලම්ය.ලෙවිස් තරඟාවලිය තුල ලකුණු 371 ක් ප‍්‍රහාරාත්මක වේගය 184.57 ක් රඳවාගෙන රැස් කරගෙන ඇත.ඔහුගේ සුවිශේෂ ඉනිම ලෙස නම් කර ඇත්තේ මෙම තරඟාවලියේ පන්දු 32 ක් තුල ලබාගත් ලකුණු 97 කි.


බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 335 ක්  ප‍්‍රහාරාත්මක වේගය 165.84 රඳවා ගනිමින් ලබාගෙන ඇති අතර ඔහුගේ පදනම් දක්ෂතාවය ලෙස තෝරාගෙන ඇත්තේ නයිට් රයිඩර්ස් කණ්ඩායම් තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලබාගත් ලකුණු 208 ලබා ගැනීමට උදව් වූ ලකුණු 91 ඉනිමය.

අංක තුන ක්‍රීඩකයා ලෙස තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියා වූ චන්ද්වික් වෝල්ටන් නම් කර ඇති අතර ඔහු තරඟාවලිය තුල ලකුණු 458 ක්  ප‍්‍රහාරාත්මක වේගය  145.85 රඳවා ගනිමින් ලබා ගැනීමට සමත්ව ඇත.පන්දු 40 ක් තුල ඔහු ලබාගත් ලකුණු 84 ක ඉනිමක් ඔහු කණ්ඩායමට තෝරා ගැනීමේ පදනම් දක්ෂතාව ලෙස නම් කර ඇත.
අංක 4 ක්‍රීඩකයා නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ය.තරඟාවලිය තුල ලකුණු 379 ක් ප‍්‍රහාරාත්මක වේගය 135.84 රඳවා ගනිමින් රැස් කල සංගා ඔහු සහභාගී වූ අවසන් තරඟ 5 තුල අර්ධ ශතක 4ක් ලබා ගැනීමට සමත් විය.සංගා ගේ හොඳම දක්ෂතාවය ලෙස නම් කර ඇත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සහිතව ලබාගත් ලකුණු 74 කි.

අංක 5 පිතිකරු ලෙස ලකුණු 292 ක්, ප‍්‍රහාරාත්මක වේගය  127.51 සමඟින් රැස් කර ගත් ඇන්ඩෘමැකාති නම් කර ඇත.

අංක 6 පිතිකරු ලෙස ලකුණු 26ක් , ප‍්‍රහාරාත්මක වේගය  150.00, සහ පන්දු යැවීමේ සාමාන්‍ය 16.87ක් රදවා ගනිමින් කඩුලු 8 ක් ලබාගත් කිරාන් පොලාඩ් තෝරා ගෙන ඇත.
තුන් ඉරියව් ක්‍රීඩක ඩෙවොන් බ්‍රාවෝ කණ්ඩායමට තෝරා ගෙන ඇත්තේ ඔහු තරඟාවලිය තුල පන්දු යවන්නෙකු ලෙස කඩුලු 16 ක් ලබා ගැනීමත් අවසන් පන්දුවාර වලදී ඉතා හොඳින් පිතිකරුවන් පාලනය කිරීමත් නිසාය.

කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස තරඟාවලිය තුල වැඩිම කඩුලු ලාබියා වූ සොහෙල් තන්වීර් සහ නවක වේග පන්දු යවන්නෙක් ලෙස කඩුලු 15 ක් දවාගත් කෙස්ත‍්‍රික් විලියම්ස් නම් කර ඇත.



තරඟාවලිය තුල දඟ පන්දු යවන්නන් ලෙස පන්දු වාරයකට ලකුණු 6ක ට වඩා අඩු ලකුණු ප්‍රමානයක් ලබා දෙමින් ප්‍රතිවාදී කඩුලු 12 බැගින් දවා ගත් ශදාබ් ඛාන් සහ සුනිල් නාරායන් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ලෙස නම් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad