වසර ගණනාවක් මුළුල්ලේ තම හිස කෙස් ආහාරයට ගැනීමට හුරුවී සිටි තරුණියකට සිදුකළ විශ්මිත සැත්කමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මුම්බායි, රාජ්වාද් ප්‍රදේශයේ රෝහලක මෙම සැත්කම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 20 හැවිරිදි තරුණියකට මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමේදී ඇයගේ උදරයෙන් හිසකෙස් රාත්තල් 02කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර තිබෙනවා.
මෙම තරුණිය වමනය සහ උදරයේ වේදනාවකින් පෙලීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇති බව සඳහන්. සැත්කමට පෙර මෙම 20 හැවිරිදි තරුණිය රාත්තල් 66ක් බරකින් යුක්තව සිට ඇති බවයි සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පවසන්නේ. මෙලෙස තමන්ගේම හිස කෙස් ආහාරයට ගැනීම රිපැන්සල් සින්ඩ්‍රෝම් නමැති මානසික රෝගයක් බවයි වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාල තරුණියගේ උදරයෙන් එළියට ගත් හිසකෙස් ගුලිය අඟල් 10ක දිගකින් යුක්ත වන අතර එහි පළල අඟල් 4.7ක් බව සඳහන්. පසුගිය අගෝස්තු 31 වනදා මෙම සැත්කම සිදුකර ඇති අතර එම තරුණිය මේ වනවිට සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

No comments:
Post a Comment