ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මේ වන විට මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලට අනුව එම ඝාතන සැළසුම සහ එම සැළසුම සිදු කළ පුද්ගලයන් සහ එම ඝාතනය පිටුපස සිටියේ කවුද යන්න සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර තරාතිරම නොබලා එම අපරාධයට සම්බන්ධ සෑම සියලු දෙනාම අත් අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ වනවිට රහස් පොලිසිය එසේ හෙළි කරගත් තොරතුරු පුළුල් විමර්ශණයකට ලක් කරමින් තිබේ. රහස් පොලිසිය මෙසේ හෙළිකර ගෙන ඇති සියලු පරීක්ෂණවල තොරතුරු සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද දැනුවත් කර තිබේ. රහස් පොලිසිය මෙසේ හෙළි කරගත් රහස්‍ය තොරතුරු අධිකරණයට දැනුම් දි අධිකරණයේ අවසරය මත අදාළ සැකකටයුතු පිරිස නීතිය ඉදිරියට ඉදිරිපත් කෙරෙන බවද තවදුරටත් පැවසේ.
මේ අපරාධය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් වසීම් තාජුඩීන් ගේ ඥාතින් සැකකරන පුද්ගලයන්, ඊට අනුබල දුන්නේ යැයි සැකකරන පුද්ගලයන්, එම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව සිටියේ යැයි සැකකරන අය, වසීම් තාජුඩීන් සමග හිතවත්ව සිටියේ යැයි කියන පිරිස, ඔහුගේ සමීපතවම ආශ්‍රය කළ පිරිස ඇතුළු විශාල පිරිසකගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබා ගෙන තිබේ. ඒ අනුව මේ අපරාධයට සැක කරන පුද්ගලයන් පිළිබඳ රහස් පොලිසිය මේ වන විට ස්ථිර නිගමනයකට එළැඹෙමින් සිටින බවත් ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට වැඩි කාලයක් ගත නොවන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.
Saturday, August 19, 2017
තාජුඩීන් ඝාතනයේ රහස් තොරතුරු රැසක් එළියට (EXCLUSIVE)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment