වැලිමඩ සිට කොළඹ දක්වා තේ කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (11) අළුයම 01.00 ට පමණ හැටන්- කෙළඹ ප්‍රධාන මාර්ගයේ, ෂැනන්, “වුඩ්ලන්ඩ්” ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය පෙ.ව. 07.30 පමණ දක්වා ඇණහිට තිබුණි.
කිලෝ 26,000 ක් මෙම ලොරියේ අඩංගුව තිබී ඇත.මෙහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත. අනතුරෙන් පසුව මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්වයට පත්වන තුරු අද පෙරවරු 07.30 දක්වා බර වාහන දියගල-නෝටන්බ්‍රීජ් හරහා හැටන් මාර්ගයේ ධාවනය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Tuesday, July 11, 2017
තේ කුඩු ලොරිය පාර මැදට පෙරළෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment