රටේ ජනාධිපතිවරයාට අමතරව සියළුම ජන කොටස් නියෝජනය වන පරිදි උප ජනාධිපතිවරු තිදෙනෙකුද පත් කළ යුතු බව දේශපාලන පක්ෂ හතරක ප්‍රධානීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතුරු කමිටුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ මනෝ ගනේෂන්, ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රසයේ රිසාද් බදුර්ඩීන් සහ ඊපිඩිපි සංවිධානයේ ඩග්ලස් දේවානන්ද යන පක්ෂ නායකයන් විසින් මෙම ඉල්ලීම කර තිබේ. එමෙන්ම “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය“ ලෙස සඳහන් වන ශ්‍රී ලංකාවේ නිල නාමය “එක්සත් ශ්‍රී ලංකා ජනරජය“ ලෙස වෙනස් කළ යුතු බවද ඔවුන් යෝජනා කොට ඇතැයි වාර්තා වේ.

No comments:
Post a Comment