සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් වෙනුවෙන් හික්කඩුවේ ඉදිකෙරෙන ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාවක් සාකච්ඡාවට ගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අද දැඩි උණුසුම්කාරී බවක් ඇති විය.
මෙම ගොඩනැගිල්ල පුද්ගලික අංශයට බදු දීමට සැලසුම් කර ඇති බවත් එහි ඉදිරි කටයුතු පිළිබඳ දැනගැනීමට අවශ්‍ය බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාව සාකච්ඡාවට ගැනීමත් සමගම සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල පුද්ගලික අංශයට බදු දීමට සැලසුම් කරන ලද්දේ පෙර රජය පැවති කාලයේ බවයි.
එම ප්‍රකාශයත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතා උස් හඬින් කතා කරමින් සිය අසුනෙන් නැගිට හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාට චෝදනා කරන්නට විය. දකුණු පළාත් සංචාරක, ක්‍රීඩා හා රැකි රක්ෂා අමාත්‍යාංශය යටතේ ඇති දකුණු පළාත් සංචාරක කාර්යාංශය විසින් මේ ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ වසර පහකට පෙරදී ය. මේ වන විට එහි බිම් මහලේ වැඩ අවසන් කර ඇත. මොහාන් පී. ද සිල්වා මහතා පවසන්නේ මේ භූමිය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති බවයි.
විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.
“වාණිජ වටිනාකමක් තිබෙනවා. නමුත් මෙය අධ්‍යාපන අමාත්‍යාංශය සතුව තිබූ ඉඩමක්. එය නීති අණ පනත් අනුව අධ්‍යාපනික හෝ මේ වගේ කටයුත්තකට හැර වෙනත් වාණිජ කටයුතුවලට යොදාගන්න බැහැ. අපේ මොහාන් මන්ත්‍රීතුමා නියෝජනය කරපු පසුගිය රජය කාලයේ මේ තීරණ අරගත්තේ. පුද්ගලික අංශයට එදා මේ ගොඩනැගිල්ල බදු දෙන්න සැලසුම් කළ අවස්ථාවේ ඔබතුමා කොහේද හිටියේ. එදා මේවාට විරුද්ධ වුණේ ඇයි. අපි මේ ගැන සොයා බලා සුදුසු තීරණයක් ගන්නම්. කලබල වෙන්න එපා. මේකට පළාත් සභාවේ මුදල් වැය කළා.
ඉතිහාසය මගෙන් අහගන්න එපා. එදා හිටපු ඔබතුමත් මේවාට වගකියන්න ඕන. වරදක් තිබෙනවා. අපි හදන්නේ ඒක නිවැරදි කරන්න. මේ විදියට කෑ ගහන්නේ නැතිව මහ ඇමතිතුමාත් එක්ක කතා කරලා බේරුමක් කරගන්න තිබුණා නේ. “ මොහාන් පී. ද සිල්වා මහතා එම අවස්ථාවේ සිය අසුනෙන් නැගිට වාග් ප්‍රහාර විය. විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය. ‘‘මන්ත්‍රීතුමා අපි වැඩක් කරන්න ආවේ. ශිෂ්ට විදියට කතා කරන්න අපි ගහගන්න ආවේ නැහැ.“
Monday, July 24, 2017
Home
දේශපාලන පුවත්
‘‘මන්ත්‍රීතුමා අපි වැඩක් කරන්න ආවේ. ශිෂ්ට විදියට කතා කරන්න අපි ගහගන්න ආවේ නැහැ.“..විජේපාල-මොහාන් ගාල්ලේදී ගැටෙති
‘‘මන්ත්‍රීතුමා අපි වැඩක් කරන්න ආවේ. ශිෂ්ට විදියට කතා කරන්න අපි ගහගන්න ආවේ නැහැ.“..විජේපාල-මොහාන් ගාල්ලේදී ගැටෙති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment