අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ තෙල් වර්ජනයක්... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ තෙල් වර්ජනයක්...


ඛනිජ තෙල් සේවකයන් විසින් අද(24) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට එම වෘත්තීය සමිති පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වර්ජනයක නිරතවන බව ඔවුන් සඳහන් කළේය. එමෙන්ම ඔහුන් පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් සඳහා බලධාරීන්ගෙන් සාධාරණ විසඳුම් නොලැබීම නිසා මෙම පියවර ගන්නා බවයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති ලිපියක් මඟින් රජයට දැනුම් දී ඇත්තේ හම්බන්තොට තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා දීම ගැන ස්ථිර තීරණයක් අවශ්‍ය බවයි. අද පස්වරුව වනවිට එම තීරණය අවශ්‍ය බවද ඔවුන් දැනුම් දී තිබුණි. මීට පෙර අගමැතිවරයා හා සාකච්ඡාවක දී පවසා ඇත්තේ හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට පෙර තෙල් ටැංකි ගැන තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව හෙට(25) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. වර්ජන කාලය තුළ තෙල් බෙදා හැරීම සිදු නොකරන අතර හෙට (25) දිනයේදී විසඳුම් නොලැබුණ හොත් තෙල් ගොඩ බෑමද නවතා දමන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා හෙට(25) ඉදිරිපත් කෙරෙනු ඇත. හම්බන්තොට වරාය චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩිංග්ස් කම්පැනි ලිමිටඞ්ට විකිණීමේ හෙවත් වසර අනූනව කාලයකට චීනයට ලබාදීමට සකස් කර ඇති ගිවිසුමට වරාය එවකට විෂය භාර අමාත්‍ය, වර්තමාන ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග සිය ලිඛිත විරෝධය පළ කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad