අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ දේහය මේ වනවිට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටා ඇති සුදර්ශි ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබේ.
හෙට (10) පෙරවරු 10.00 දක්වා දේහය එහි තැන්පත් කර තිබේ. ඉන් අනතුරුව ඇල්පිටිය - නවදගල පිහිටි ඔහුගේ නිවසට දේහය රැගෙන යාමට නියමිතයි. අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.
කලක සිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (08) අභාවප්‍රාප්ත වනවිට 44 වන වියේ පසුවිය. තම සහෝදරයා අවසන්වරට ප්‍රතිකාර ලබා ගත් පෞද්ගලික රෝහලේ ගාස්තුව ගෙවීමට උපකාරයක් සිදුකරන ලෙස ඒෂියන් මිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ සොහොයුරිය වන ශිරෝමි ප්‍රියංගිකා මහත්මිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0777 366 128 යන දුරකථන අංකය මගින් ප්‍රින්ස් උදයප්‍රියන්ත ගායන ශිල්පියාගේ සොහොයුරිය වන ශිරෝමි ප්‍රියංගිකා මහත්මිය ඇමතීමෙන් ලබා ගත හැකියි. ප්‍රින්ස් ලබාගත් රසික ප්‍රසාදය අති මහත් වන අතර ඔහු ගැයු ගී සදාකල් රසිකයන් අතර පවතිනු ඇති බව ප්‍රින්ස්ගේ සමකාලීන සහෝදර ගායන ශිල්පියෙකු වන චන්දන ලියනාරච්චි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට සඳහන් කළේය.

No comments:
Post a Comment