කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වනවා.
කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී තිබෙනවා.
මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා තිබෙනවා. කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණා.
මෙම සිදුවීම් වාර්තා වූයේ සමාජ මාධ්‍යය ඔස්සේ කටාර් රාජ්‍යයට අනුකම්පා සහගත ප්‍රකාශ කිරීම වරදක් බවට එක්සත් අරාබි රාජ්‍යය සහ බහරේනය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුය. ඒ අනුව එම වරදට වසරක 15ක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 136,000ක දඩයක් ද පනවන බව එක්සත් අරාබි රාජ්‍යය ප්‍රකාශ කළ අතර බහරේනය ඊට පස් වසරක සිර දඬුවමක් පනවන බව නිවේදනය කර තිබෙනවා..
Monday, June 12, 2017

Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment