මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් සහ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් කෝටි 20ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනු කළ නඩුව ලබන 12 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා පසුගිය 02වනදා නියෝග කළේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීමෙන් සිදුවූ අපකීර්තියට වන්දියක් ලෙස මන්ත්‍රීවරයා මෙම මුදල ඉල්ලා තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ නොහැකි බැවින් මුල් අවස්ථාවේම නඩුව ඉවත දමන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය. එම ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය.

No comments:
Post a Comment