කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අමාත්‍යවරුන්ට අයත්වන අමාත්‍යංශ විෂය පථයන් මේ වන තෙක් ගැසට් කර නොමැති බව වාර්තා වෙයි.
අවස්ථා දෙකකදී කැබිනට් සංශෝධනයන් සිදු කෙරුණු අතර එම අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව ගැසට් පත්‍ර මේ වන විට නිකුත් කර තිබේ. කෙසේ වෙතත් විෂයපථයන්ට අදාළ තොරතුරු ඊයේ දිනයේදී රජයේ මුද්‍රණාලය වෙත ලබා දෙන බව මීට පෙර ප්‍රකාශ කෙරුණ ද එය මේ දක්වාත් සිදුව නොමැති බව වාර්තා වේ.
අවස්ථා දෙකකදී කැබිනට් සංශෝධන සිදු වූ බැවින් විෂයපථයන් මුද්‍රණාලය වෙත එවීමට කල් ගත වී ඇති බවත් එහෙත් අමාත්‍යංශ සංශෝධනයකින් අනතුරුව දින 05ක් හෝ 10ක් ඇතුළත විෂයපථයන් ගැසට් කිරීම මීට පෙර වසරවලදී සිදු වූ බවත් රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග කියයි. මේ හේතුවෙන් නව විෂය පථයන් හා ආයතන නිශ්චිතව ගැසට් කිරීම ප්‍රමාද වීමෙන් එම අමාත්‍යවරුන්ට රාජකාරී කටයුතු කිරීමේ නොහැකියාවක් මතුව ඇතැයි දැනගන්නට තිබේ.

No comments:
Post a Comment