කිරුළ ලැබුණේ නැහැ කිව්වට ඕෂධීට තරහ ගිහින් කිව්ව දේ – නීතිය හමුවට යන බවටත් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

කිරුළ ලැබුණේ නැහැ කිව්වට ඕෂධීට තරහ ගිහින් කිව්ව දේ – නීතිය හමුවට යන බවටත් ප්‍රකාශයක්



ඕෂධී හේවාමද්දුම සම්බන්ධයෙන් පසුගිය සතියේ සමාජජාල වෙබ් අඩවි තුළින් කතාබහක් ඇතිවුණා. ඒ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ Miss Top Of The World 2017 නම් තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගයි. ඇයට එම තරඟයේ ජනතා කිරුළ හිමිවූ අතර එහිදී වැඩිම මනාප හිමිකරගෙනන Miss Top Of The World People Choice 2017 කිරුළ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවුණා.

එහෙත් සමාජජාල වෙබ් අඩවි තුළ සඳහන් වුනේ ඇයට එම කිරුළ ලැබී නොමැති බවත් එය ඇයට හිමි නොවුණ කිරුළක් බවටයි. ඒ සම්බන්ධයෙන් ඇය වීඩියෝ පටයක්ද එක්කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ. කෙසේවෙතත් අසත්‍ය ප්‍රචාරයක් පළ කරමින් ඇතැම් වෙබ් අඩවි ඇයට මඩ ප්‍රචාරය කර තිබූ බව ඇය පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකාවට පැමිණි විගස නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන බවටද ඇය පවසා තිබෙනවා. 

එලෙස කිරීමට හේතුව වන්නේ ඇයට මෙමගින් අපහාස සිදුවූ නිසා බවයි ඇය පවසා ඇත්තේ. මේ ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස්.

No comments:

Post a Comment

Post Bottom Ad