හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයකු වන සයිෆ් අල් – ඉස්ලාම් ගඩාෆි සිය අත් අඩංගුවෙන් නිදහස් කළ බව අබු බකර් අල් – සිද්දික් නම් මිලිෂියා කණ්ඩායම ප්‍රකාශ කළේය. පසුගිය වසර පහක කාළයක් ඔහු එම කණ්ඩායම විසින් රඳවා තබාගෙන තිබුණි. ඔහු අල්ලාගනු ලැබුණේ 2011 නොවැම්බරයේදී සින්ටාන් ප්‍රදේශයේදී ය. ඔහු නයිජර් රටට පළා යාමට උත්සාහ කරන අතරතුර මෙසේ කොටු වූයේය.
ලිබියාවේ පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ පොදු සමාව පිළිගනිමින් සයිෆ් අල් – ඉස්ලාම් නිදහස් කළ බව අබු බකර් අල් – සිද්දික් කණ්ඩායම විසින් 2017 ජූනි 9 වනදා නිවේදනය කරනු ලැබුණි. ඔහු දැන් රැඳී සිටින්නේ කිනම් ප්‍රදේශයකදැයි පැහැදිලි නොවීය.
1972 ජූනි 25 වනදා උපන් සයිෆ් අල් – ඉස්ලාම්, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි අධ්‍යාපනය ලැබීය. 2015 දී ට්‍රිපොලි හි පැවති නඩු විභාගයකින් ඔහුට මරණ දඬුවම ලබා දීමට තීන් දු වූ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද ඔහුව අවශ්‍යව තිබේ. නමුත් රජයට හෝ වෙනත් බලධාරියෙකුට සයිෆ් අල් – ඉස්ලාම් භාරදීම, ඔහුව රඳවාගෙන සිටි මිලීෂියා කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
world for you වෙබ් අඩෙවිය ඇසුරෙනි.
Sunday, June 11, 2017

ගඩාෆිගේ පුත්‍රයා සයිෆ් අල් – ඉස්ලාම් අත් අඩංගුවෙන් නිදහස් කෙරේ
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment