අදහාගත නොහැකි අසම්මත කතාවක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වන බව පොලිසිය පවසනවා. එක්තරා පුංච් ගැහැනු ළමයෙක් වෙනත් පවුලක් විසින් කුඩා කල සිට හදාවඩා ගෙන තිබෙනවා.
නියම අම්මා හා තාත්තා ළඟ නොවුනත් මෙම දැරිය හදාගත් දෙමාපියන් ළඟ හොඳින් ජීවත් වූ බව සඳහන්. මේ වනවිට ඇයගේ වයස අවු 21ක්. මේ අතර මෙම තරුණියගේ නියම පවුලේ වැඩිමහල් සහෝදරයා ඇයව සොයාගෙන ඇය ජීවත් වන නිවසට පැමිණ තිබෙනවා. පසුව ඔහු නිතර නිතර එහි පැමිණි කුඩා කල සිට තමන්ගෙන් වෙන්ව හැදී වැඩුනු නංගි මුණගැසී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එය අමුත්තක් සේ නොසැලකූ හදාවඩා ගත් දෙමාපියන් ඊට ඉඩ දී තිබෙනවා. මේ අතර අයියා හා නංගි එකට ගමන් බිමන් යාම ද ආරම්භ කර ඇති බව අනාවරණය වුනා. පසුව එක දිනක තරුණිය පංති යාමට නිවසින් ගියත් නැවත පැමිණියේ නැහැ. පසුව, තමන් කුඩා කල සිට දරුකමට හදාගත් දියණිය ආගිය අතක් නැතැයි එම හදාගත් මව මැයි මාසයේ කැලණිය ප්‍රදේශයේ පොලිසියකට පැමිණිලි කර තිබෙනවා.
පොලිස් පරීක්ෂණ අරඹා තරුණිය ගැන රටේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දුන්නා. කෑගල්ල ප්‍රදේශයෙන් ඇයව සොයා ගැනීමට හැකි වූ අතර ඒ වනවිට ඇය තරුණයකු සමග විවාහ වී සිටි අතර ඒ වෙන කිසිවකුත් නොව ඇය හමුවීමට ආ ඇගේම අයියායි. ශ්‍රී ලංකා නීතිය අනුව මෙවැනි විවාහ තහනම් නිසා අයියා හා නංගි පොලිස් භාරයට ගත් අතර ඉදිරි නීතිමය කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මත කැලණිය කොට්ටාශය විසින් සිදු කරනවා
Friday, June 9, 2017

අසම්මත විවාහයක් කැළණියෙන්
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment