ලෝකය පුරා මේ දිනවල පරිගණක වෛරස් පිළිබඳවත් පරිගණක තුළ ට ඇතුළුවී දත්ත සොරාගනු ලබන පරිගණක හැකර්වරුන් පිළිබඳවත් වැඩි කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ අතර තුරේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට සමාගමක් වන ඩිස්නි සමාගමටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා කියලයි වාර්තා වෙන්නේ.
එම සයිබර් ප්‍රහාරය එල්ල කරපු හැකර්වරු විශාල කප්පම් මුදලකුත් ඉල්ලලා තිබෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ 05 වෙනි චිත්‍රපටය තමයි මේ විදියට හැකර්ලා අතට පත්වෙලා තිබෙන්නේ. Disney සමාගම Pirates of the Caribbean චිත්‍රපටය තිරගතවන දිනයේදීම අන්තර්ජාලය හරහා ON LINE නැරඹීමේ පහසුකම සලසා දීමට සුදානම්.
ඒ අතරවාරයේ හැකර්වරුන් විසින් මෙය ඊට ප්‍රථම මුදා හැරිය හොත් එය ඩිස්නි සමාගම මුහුණ පාන විශාල අර්බුදයක් වෙනවා. මේ හැකර්ගේ නම වාර්තා වෙන්නේ thedarkoverlord කියලයි. කොහොම හරි මේ හැකර් අනතුරු අඟවල තියෙන්නේ ඔවුන් ඉල්ලන කප්පම් මුදල ලබා නුදුනහොත් Pirates of the Caribbean 05 චිත්‍රපටයේ කොටස් වරින් වර අන්තර්ජාලයට මුදා හැරලා අවසානයේ සම්පූර්ණ චිත්‍රපටයම මුදාහරිනවා කියලයි.
Disney සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Bob Iger හොලිවුඩ් රිපොර්ටර් නම් සඟරාවට මෙම හැකර්වරුන්ගේ ප්‍රහාරය පිළිබද සිදුවිම තහවුරු කරලා තිබුනා. ඊට අමතරව මේ හැකර්වරුන් තවත් අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. ඒ තමයි ඔවුන් විසින් අත්පත් කරගත් වෙනත් සමාගම්වලට අයත් නොයෙක් ටෙලි කතාමාලා (TV series) කිහිපයක්ද අන්තර්ජාලයට මුදාහැරීමට සුදානමින් පසුවෙනවා කියල.
මේ සයිබර් ප්‍රහාරය පිළිබඳ අමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාලය (FBI) පරීක්ෂණ පවත්වනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ.
Tuesday, May 16, 2017
Pirates of the Caribbean 05 චිත්‍රපටයට සයිබර් ප්‍රහාරයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment