නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණි ඇය අද පුංචි තිරයේ නිළියක්. මියුසික් වීඩියෝ කිහිපයකම දක්නට ලැබුණු ඇය ජනප්‍රිය චරිතයක්. මේ තරු බෝගොඩ සමඟ කළ සාකච්ඡාවක්.
තරු දැන් පුංචි තිරේ ජනප්‍රිය නිළියක් නේද?
එහෙම ලොකු ජනප්‍රියතාවක් මට තාම නෑ.
නිරූපිකාවක් වෙලා නිළියක් වෙන්න මොනවගේ කැපකිරීමක් ද කරේ?
දෙකටම ලොකු කැප කිරීම් කරන්න ඕන. ඒ ගැන හැදෑරීම් කරා. එත් දැන් අපි ආවට වඩා ලේසියෙන් ගොඩක් දෙනෙක් මේ කේෂ්ත්‍ර දෙකටම එනවා.
දැන් හැමතැනම ඉන්න නිරූපිකාවන් උත්සාහ කරන්නෙත් කොහොම හරි නිළියක් වෙන්න. ඔබ දැන් ඒ පිම්මත් පැනලා ඉන්නේ. දැන් මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. අවුරුදු 4ක් වගේ කාලයකින් කැපකිරීම්, උත්සාහය මත ආපු ගමනක්
මීළඟ පිම්ම මොකක්ද?
කරපු කැප කිරීම්වලට වටිනාකමක් ලබා ගන්න එක.
මොකක්ද ආසම වාහනය?
මම දොර දෙකේ ස්පෝර්ට් කාර්වලට ආසයි. ලද දෙයින් සතුටු වෙන්න ඕන නිසා මම දැන් පාවිච්චි කරන හොන්ඩා CRZ කාර් එකට ආසයි.
සාමාන්‍යයෙන් ගමේ ඉදන් කොළඹට එද්දී රේස් යනවා කියන්නේ ඇයි?
එහෙම රේස් කියලා නැහැ. එත් ඉතිං කාව හරි ඉස්සර කරනකොට කම්මැලි නෑ.
හෙමිට ගිහින් පුරුද්දක් නැද්ද?
ලොකු කල්පනාවක යනකොට නම් හෙමින් යනවා සින්දුවක් දාගෙන
පහුගිය දවස්වල අහන්න දකින්න ලැබුන ඒවා එක්ක රේස් යද්දී බයක් හිතෙන්නේ නැද්ද?
මැරෙන්න තියෙනවා කාටවත් නවත්වන්න බැනේ. ඒත් පරිස්සම් වෙනවා.
පවුලේ විස්තර ගැන කතා කළොත්?
මගේ පවුලේ මට වෙන සහෝදර සහෝදරියෝ කවුරුවත් නෑ.
අඩ නිරුවත් හෝ සරාගී මියුසික්
වීඩියෝ නිර්මාණය කිරීම අද රැල්ලක් වෙලා තියෙනවා. ඔබට එහෙම ආරාධනා ඇවිල්ලා
තියෙනවද? එහෙම ආරාධනාවක් ආවොත් භාරගන්නවද?
ආරාධනා නම් අවා. මම ඒවා බාරගත්තේ නැහැ. ඉක්මන් ගමන්වලට වඩා හෙමින් ගමන හොදයිනේ
නිරූපණ ක්ෂේත්‍රයට එන ගොඩක් අය බලන්නේ මියුසික් වීඩියෝවලට පෙනී සිටිමින් ජනප්‍රිය වෙන්න. ඒ ගැන ඔබෙ අදහස මොනවගේ ද?
මමත් කලින් මියුසික් වීඩියෝවල ඉඳලා තියෙනවා. ඒකත් හොද අවස්ථාවක්
තරුණ ලස්සන නිරූපිකාවක්, නිළියක් ගැන සමාජයේ ඇතැම් මිනිස්සු බලන්නේ අමුතු කණ්නාඩියක් දාගෙන. මොකද හිතෙන්නේ ඒ ගැන?
අපේ රටේ එහෙම උනාට නළු නිළියන්ට ලොකු
පිළිගැනීමක් තියෙන රටවල් ලෝකේ ගොඩක් තියෙනවා. එත් අපේ රටේ මිනිසුන්ගේ නළු
නිළියන් ගැන තියෙන්නේ හරි අමුතු අදහස්. ලංකාව එකම තැන තියෙන්නෙත් ඒ නිසා
වෙන්න ඇති. ඒ වගේම තව කෙනෙක්ට ඒ තත්වෙට ළඟා වෙන්න බැරි උනාම ඒවා හෙළා දකින
ලොකු පුරුද්දක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා.
නිරුපිකාවක් වුණාම රූපය ගැන ගොඩක් හිතන්න ඕන නේද? මොනාද ඒ වෙනුවෙන් කරන්නේ?
විශේෂ දේවල් නම් කරන්නේ නැහැ. ඒත් ගොඩක් වෙලාවට ඇගට ගුණ දේවල් කන්න බලනවා. වැඩිපුර ජූස් එහෙම බොනවා.
වැඩියෙන්ම කැමති මොනවගේ විලාසිතාවලටද?
අපහසුවක් නැති සැහැල්ලු විලාසිතාවලට.
ඔබ පෙම්වතියක්ද? මොනවගේ කෙනෙක් ඔබේ සහකරුවා වෙනවට ද ඔබ කැමති
හ්ම්..... පෙම්වතියක් ද නැද්ද කියන එකට දැන්ම උත්තරයක් නොදී ඉන්නම්. එත් මම ආදරේට ගොඩක් ආදරේ කෙනෙක්.
විවාහයෙන් පස්සෙ නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙනවද?
ඒක මගේ අනාගත සැමියා කියන දෙයක් තමා. ආදරේ වෙනුවෙන් මම ඕනෑම දෙයක් අතඅරින්න ලෑස්තියි.
අනාගත බලාපොරොත්තු මොනවද?
මිනිස්සු ආදරෙන් වැළදගන්න දේවල් කරලා හොද නිළියක් වෙන්න ආසයි. ඒ වගේම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එකත් මගේ බලාපොරොත්තුවක්.
විශේෂ ස්තූතිය - ඡායාරූප ශිල්පී ඉමේෂ් නුවන්දක
Channel4.lk
Thursday, May 25, 2017
කොළඹ-නුවර පාරේ රේස් පදින නවක නිළිය සැමියා නිසා නිළිකම අත්හරියි? - PHOTOS
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment