මැන්චෙස්ටර් ප්‍රහාරයේ මාරයා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

මැන්චෙස්ටර් ප්‍රහාරයේ මාරයා (PHOTOS)

ජීවිත 22ක් බිලිගත් මැන්චෙස්ටර් මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරු සල්මන් අබේඩි නමැති ජිහාඩ් ප්‍රහාරකයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හිදී උපත ලැබූ 23 හැවිරිදි තරුණයෙකු වන මෙම ප්‍රහාරකයා, ලිබියානු සම්භවයක් ඇත්තෙකු බවද හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තමා බ්‍රිතාන්‍යයේදී උපත ලැබූවද තමාගේ සම්භවය ලිබියානු පවුලක් යන්න ඔහුගේ සිතේ නිතර පැවති බවත්, ඔහු මෑත කාලයක සිට මුහුණ පුරා රැවුල වවා සිටි බවත් ඔහුගේ පාසල් මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇති බවද සඳහන්. එමෙන්ම, ඔහුගේ අසල්වාසීන්ට අනුව අබේඩි ආසන්න කාල සීමාවේදී සැකකටයුතු හැසිරීමක්ද පෙන්වූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මැන්චෙස්ටර් එරීනා හි සංගීත ප්‍රසංගය අවසානයේදී පුපුරා ගිය යකඩ බෝල යොදා ගනිමින් සකසා තිබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඉස්ලාම් රාජ්‍යයේ ISත්‍රස්තයන් විසින් එහි වගකීම භාරගනු ලැබ තිබුණා. මෙම ප්‍රහාරයෙන් 8 හැවිරිදි දරුවෙකුද ඇතුළුව තරුණ තරුණියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 59 දෙනෙකු රෝහල්ගත කර තිබුණා. ප්‍රහාරයෙන් සමස්තයක් ලෙස තුවාල ලැබූ පිරිස 100 කට වැඩි බවද විදෙස් වාර්තා පැවසුවා.

ගඩාෆි පාලනයෙන් මිදී සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි ලිබියානු පවුලක දාව වර්ෂ 1994 දී අබේඩි බ්‍රිතාන්‍යයේ, මැන්චෙස්ටර් හිදී උපත ලබා තිබූ අතර, ඔහුට තවත් සහෝදර සහෝදරියන් තිදෙනෙකු වන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසුව ඔහුගේ පවුලේ පිරිස් ලිබියාව වෙත ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

 










No comments:

Post a Comment

Post Bottom Ad