කපා කොටා දරුණු තුවාල සිදුකර මහ මග දමා ගොස් තිබූ අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති පුවතක් පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - අඹකැලේ පදිංචිව සිටි මාරසිංහ ආරච්චිලාගේ ප්‍රදීප් කුමාර නැමැති 29 හැවිරිදි අයෙකි. ඊයේ (23) රාත්‍රි 10.00 ට පමණ පල්ලම පොලිස් වසමේ අඩම්මන පොදු සුසාන භූමිය ආසන්නයේ පාළු ස්ථානයකදී කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් මොහුව කපා කොටා දමා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. කැපුම් කෙටුම් සහිතව මහ මග සිටි අයව ගම්වාසීන් දැක ඒ බව පල්ලම පොලීසියට දැණුම් දීමෙන් අනතුරුව කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කෙරුණා.
හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (24) අලුයම 2.00 ට පමණ මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇති අය 23 වැනිදා රාත්‍රියේ අඹකැලේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බවත්, එම ගැටුම සහ ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බවත් පල්ලම පොලීසිය පැවසුවා.
Wednesday, May 24, 2017
දරුණු කැපුම් තුවාල සහිතව මහමග වැටී සිටි අයෙකු මියයයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment