පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්‍රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි ( PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්‍රස්තයෝ පිලීපීන නගරයක් ආක්‍රමණය කරයි ( PHOTOS)

ISIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්‍රස්තයින් ආකාරයට හැඳ පැළඳගෙන සිටි මෙම තුවක්කුකරුවන් නිවෙස් වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින් සිටින බවයි. ඔවුන් මරාවි නගරයේ කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා තිබෙනවා.එමෙන්ම අදාළ ස්ථානන්හි අයි එස් ධජයද ඔසවා තිබෙන බව වාර්තාවනවා.

එරට රජයේ හමුදාව හා පොලීසිය ත්‍රස්තයින් සමගින් දරුණු වෙඩි හුවමාරුවක නිරත වන බවත්,භීතියෙන් තැතිගෙන සිටින නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා. මේ නිසා මරාවි නගරය අයත් මින්දානෝ පලාතට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් මේ කිසිවක් පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

සමාජ මාධ්‍ය වලින් වාර්තා වන ආකාරයට මරාවි බන්ධනාගාරය අත්පත් කරගත් ත්‍රස්තයන් එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.එමෙන්ම හමුදා නිළධාරීන් දෙදෙනෙකු හා ගිලන් රථ රියදුරන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, මරාවි රෝහලේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති බවත් වාර්තාවනවා.








 

No comments:

Post a Comment

Post Bottom Ad