පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හමුවේ සිදුවූ තිරයේ පිටුපස කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතිනවා. ඉන් එක් කතාවකින් කියවුණේ ප්‍රබල අමාත්‍යවරයෙකු රජයේ ප්‍රධානියෙක් හමුවෙමින් තම දියණිය සහ රජයේ ප්‍රධානියාගේ දියණිය වංචා කරන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකි.
'සර්ගේ දුවයි මගේ දුවයි වංචා කරනවා කියලා චෝදනා කරනවා.සර්ගේ දුව එහෙම කරන්නේ නෑනේ.මගේ දුවත් මාත් එක්ක ඉඳන් එහෙම කරන්නේ නෑ " යනුවෙන් එම අමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අතර ඇතිවූ කතාබහක දී හෙළිව ඇත්තේ. මේ අතර තවත් ප්‍රබල අමාත්‍යවරයෙකු සිය කැබිනට් අමාත්‍ය තනතුරට අමතර රාජ්‍ය අමාත්‍ය තනතුරකුත් ඉල්ලා ඇති බවද මෙම මන්ත්‍රීවරු අතර ඇතිවූ කතාබහේදී හෙළිව ඇත්තේ.
ඊට හේතුව ලෙස ඔහු රජයේ ප්‍රධානියෙක් වෙත සඳහන් කර ඇත්තේ වෙනත් අමාත්‍යවරයෙකුට තවත් තනතුරක් හිමිව තිබීම නිසා තමන්ගේ බලය අඩුවෙන බැවින් මෙලෙස රාජ්‍ය අමාත්‍ය තනතුරක් ද අවශ්‍ය වන බවයි.
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
මගේ දුවයි සර්ගේ දුවයි වංචා කරනවලු..මට තව එකක් දෙනවද - ඇමති මාරුව අස්සේ වෙච්ච දේ හෙළිවේ !
මගේ දුවයි සර්ගේ දුවයි වංචා කරනවලු..මට තව එකක් දෙනවද - ඇමති මාරුව අස්සේ වෙච්ච දේ හෙළිවේ !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment