සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු කියලයි.හැබැයි ඉතිං මේ දවස් වල නම් ලංකාවේ ගොඩක් අයට වෛද්‍යවරුන් ගැන තියෙන්නේ එතරම් පැහැදීමකින් නෙමෙයි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. පහුගිය දිනවල වෛද්‍යවරුන් වැඩ වර්ජන කිහිපයක නිරත වීම මීට හේතුව වෙලා තිබුණා.ඊයේ ඒ කියන්නේ 22 දාත් වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වුණා.
මේ හේතුවෙන් රෝගීන් විශාල වශයෙන් අපහසුතාවට ලක්වුණා. කොහොම වුණත් හැමෝම වැඩ වර්ජනය කරලා තියන වෙලාවේ ‘දැඩි අසනීප තත්වයෙන් හිටපු වෛද්‍යවරයෙක් රෝගියෙකුට හදිසි ශල්‍යකර්මයක් කළ පුවතක්‘ ෆේස්බුක් සමාජ ජාලයේ මේ වන විට හුවමාරු වෙමින් තිබෙනවා. මේ එම කතාවයි..
මැයි 22 දිනය සයිටම් වංචාවට එරෙහිව දිවයින පුරා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුන දවසක්. වෙනදා වගේම බාහිර රෝගී අංශයෙන් ඇතුලත, රෝහල තුළ සාමාන්‍ය ලෙස ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතුනා. මේ අතරවාරයේ හදිසියේම සිය බඩවැල් ආශ්‍රිත අවහිරතාවක් සහිතව ඉතා අසාධ්‍ය තත්වයට පත් 22 හැවිරිදි තරුනයෙක් රෝහලට ඇතුලත් වනවා.ඔහුගේ රෝගය නිශ්චය කිරීමෙන් පසුව, ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කල යුතු බවටද නිර්දේශ වන්නේ ඔය අතරමයි.
අවාසනාවකට,ශල්‍යකර්මය සිදුකල යුතු විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා එදින වනවිට පසුගිය දිනදෙකක් පුරාවට නේවාසික ප්‍රතිකාර ලද යුතු බඩවැල් ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වම් අතේ කැනියුලාවක් ද සහිතව දින දෙකක් ප්‍රතිජීවක ඖෂධ ලබමින් සිටින ඔහු, සිය අධික වේදනාව,උණ සහ අපහසුතාවය අමතක කරමින්, රෝගියාගේ හදිසි ශල්‍යකර්මය සිදුකිරීමට ඉදිරිපත් වනවා.
වෛද්‍ය කේ.එම්.හේරත්, නිර්වින්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ සහ වෛද්‍ය කුසලි කිරිවත්තුඩුව යන වෛද්‍යවරුන්ද ශල්‍යකර්මයට සහභාගී වෙනවා. ශල්‍යකර්මයට අවශ්‍ය අත්වැසුම් යෙදීමට, තම අතේ තිබූ තමන්ට ඖශධ එන්නත් කරන කැනියුලාව පවා ඉවත්කරගන්නට සිදූවෙන අතර, ඒ සියලු අපහසුතාවයන්ට වඩා රෝගියාගේ ජීවිතය සහ ශල්‍යකර්මය සිය එකම අරමුණ ලෙස සිතා අදාල ශල්‍යකර්මය වෛද්‍ය කණ්ඩායම අතින් නියමිත පරිදි සිදුවනවා.
අප වැනි ඉතා අඩු පහසුකම් සහිත රෝහලකදී සිදුකිරීමට අපහසු,ඉතා සංකීර්න හදිසි ශල්‍යකර්මයක් වන "EMERGENCY LAPAROTOMY " ශල්‍යකර්මයට භාජනය කර තරුණයාගේ ජීවිතය බේරාගැනීමට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සමත්වනවා. මේ සදහා නිර්වින්දන කණඩායම , හෙද හා අනෙක් කාර්‍ය මන්ඩලයද යුහුසුලුව සහයෝගය ලබාදුන්නා.
ශල්‍යකර්මයෙන් පසුව, මේ වනවිට රෝගියා රෝහලේ ශල්‍ය වාට්ටුවේ සම්පූර්න නිරෝගී සුවය ලබමින් සිටිනවා. මේ අතර විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග මැදගොඩහෙට්ටි මහතා තවමත් සිය රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය වර්ජනයක ඔබ නොදකින සහ රූපවාහිනියට නොඑන සැබෑ ඇතුලාන්තය මෙයයි.
මෙවන් සංවේදී සහ කාර්යක්ෂම ආයතන වන රෝහල් පද්ධතිය දිගින් දිගටම අස්ථාවර කරන වගකීම් විරහිත දේශපාලනය ගැන මීට වඩා සහිබුද්ධියෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔබ සතු වගකීමද ඉටුකිරීමට කාලය මෙයයි.! ඒ අතරම රෝගී වූ තරුණයාට සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට අප ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
nethgossip
Tuesday, May 23, 2017
Home
අනාවරණ
නැගිටගන්න වාරු නැතත් ජීවිතයත් මරණයත් අතර සිටි තරුණයෙකු බෙරාගත් ‘‘රෝගාතුර වූ වෛද්‍යවරයා‘‘ - ඊයේ වෙද වර්ජනය අතරතුර දෙහිඅත්තකණ්ඩියෙන් ඇසුණ සංවේදී කතාවයි මේ (PHOTOS)
නැගිටගන්න වාරු නැතත් ජීවිතයත් මරණයත් අතර සිටි තරුණයෙකු බෙරාගත් ‘‘රෝගාතුර වූ වෛද්‍යවරයා‘‘ - ඊයේ වෙද වර්ජනය අතරතුර දෙහිඅත්තකණ්ඩියෙන් ඇසුණ සංවේදී කතාවයි මේ (PHOTOS)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment