ලෝකයේ පාස්පෝර්ට් වල පාට තීරණය වෙන හැටි මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ලෝකයේ පාස්පෝර්ට් වල පාට තීරණය වෙන හැටි මෙන්න (PHOTOS)

පාස්පෝර්ට් එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ.තමන්ගේ රටේ ඉඳලා තවත් රටකට යද්දි වගේම,ආගන්තුක රට ඇතුළේ වැඩ කටයුතු කරද්දි ඔබේ පාස්පෝර්ට් එකට ලොකු වටිනාකමක් ලැබෙනවා.

ඒ තරම් වටිනා පාස්පෝර්ට් එක මොන පාටද කියලා ඇහුවොත් ,ඔබ කියාවි රතු පැහැය ,එහෙමත් නැතිනම් රතු පැහැයට හුරු දුඹුරු පාට කියලා.මොකද ලංකාවෙ පාවිච්චි වෙන්නෙ රතු පැහැයට හුරු පාස්පෝර්ට් නිසා.හැබැයි ලෝකයේ රටවල් අනුව පාස්පෝට් වර්ණ හතරකින් තියෙනවා. ඒ තමයි රතු,නිල්,කොළ සහ කළු කියන පාට. හරි එහෙමනම් අපි බලමු මොනවද මේ පාස්පෝට් වර්ග හතරෙ තියෙන වෙනස්කම් කියලා.

රතු පාට පාස්පෝට්

red
වැඩිම රටවල් ප්‍රමාණයක භාවිතා වන පොදු වර්ණය තමයි රතු පැහැය. ඓතිහාසික හෝ වත්මන් කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක වන රටවල් විසින් මෙම වර්ණය තෝරාගෙන තියෙනවා. ස්ලෝවේනියාව, චීනය, සර්බියාව, රුසියාව, ලැට්වියාව, රුමේනියාව, පෝලන්තය, සහ ජෝර්ජියාවේ වගේ රටවල් වල රතු පැහැති විදේශ ගමන් බලපත්‍රය භාවිතා වෙනවා.. යුරෝපීය සංගමයේ සාමාජික රටවල් ද රතු වර්ණයේ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරන්නවා.

නිල් පාට පාස්පෝට්

blue
රතු පාටට පස්සෙ වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ පාට තමයි. “නව ලෝකය“ සංකේතවත් කරන්න මේ විදියට නිල්පාට යොදාගන්නවා කියලා තමයි සඳහන් වෙන්නෙ. මේ විදියට නිල් වර්ණය විදේශ ගමන් බලපත්‍රයට යොදා ගන්න කැරිබියානු රටවල් 15 ක් තියෙනවා. ඒ වගේම දකුණු ඇමරිකානු රටවලත් අතරින් 1976 දි එක්සත් ජනපදය විතරක් තමන්ගේ රටේ  පුරවැසියන්ගෙ විදේශ ගමන් බලපත්‍ර නිල් පැහැයට  වෙනස් කරගෙන තියෙනවා

කොළ පාට පාස්පෝට්

gree
බොහෝ මුස්ලිම් රටවල් වල කොළ පැහැති  විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරනවා. මොරොක්කෝව, සෞදි අරාබිය, පකිස්තානය වගේ රටවල් ඊට ඇතුලත් වෙනවා. මේ විදේශ ගමන්  බලපත්‍රවලට  කොල පැහැය යොදා ගන්නෙ , මුහම්මත්තුමා කැමතිම වර්ණය කොල පැහැය නිසා කියල තමයි අන්තර්ජාල වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම බටහිර  අප්‍රිකානු රටවල් කිහිපයක් වන, බර්කිනා ෆාසෝ, නයිජීරියාව, නයිජර්, අයිවරි කෝස්ට්, සෙනෙගල් වගේ රටවල් වලත් කොල පැහැති විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරනවා.

කලු පාට පාස්පෝට්

blac
කලු වර්ණයේ විදේශ ගමන් බලපත්‍ර විශේෂයි.. මොකද ඒක ඉතාමත් දුර්ලභ විදේශ ගමන් බලපත්‍රයක්. ගොඩක් දුරට අප්‍රිකානු රටවල් වලින් තමයි මේ විදියෙ විදේශගමන් බලපත්‍ර සොයා ගන්න පුළුවන් වෙන්නෙ. බොට්ස්වානා, සැම්බියාව, බුරුන්ඩි, ගැබොන්, ඇන්ගෝලාව, චැඩ්, කොංගෝ, මලාවි වැනි රටවල් වල විදේශ ගමන් බලපත්‍රය කලු පැහැයක් ගන්නවා. ඒ වගේම රටේ ජාතික වර්ණය කලු නිසා නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රයත් කලු පැහැය ගන්නවා.

No comments:

Post a Comment

Post Bottom Ad