තමාට ගෙන ආ අයුතු යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමා සේවය කරන
විද්‍යාලයේ විදුහල්පතිවරයා තමාගෙන් පළි ගනිමින් කාර්යාලයෙන් ඉවත් කර ගසක්
යට රදවා තැබීමට කටයුතු කරන බවට තඹුත්තේගම අධ්‍යාපන කළාපයට අයත් විද්‍යාලයක
කාර්යාල කාර්ය සහායිකාවක වන එච්. එම්. දර්ශිකා සදමාලී හේරත් තිදරු මව
පවසයි.
තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ, තලාව කොට්ඨාශයේ අධිරාණිගම ශ්‍රී පැරකුම්
ප්‍රාථමික විද්‍යාලයේ කාර්යාල කාර්ය සහයිකාවලෙස කටයුතු කරන, එප්පාවල කටියාව
යාය 09 පදිංචි දර්ශිකා සදමාලී මහත්මිය පාසල් කාර්යාලයෙන් ඉවතට දමා ඇති බවට
සැලවීමෙන් අනතුරුව අප එම විද්‍යාලයට ඊයේ (22) පාසල් කාළය තුළ ගිය
අවස්ථාවේදී ඇය පාසලේ විදුහල්පති කාර්යාලය අසල පිහිටි ගොඩනැගිල්ලක් අසල
එළිමහනේ ආහාර ගනිමින් සිටියාය. විදුහල්පති කාර්යාලයේ විදුහල්පතිවරයා නොසිටි
අතර, එය ඉබි යතුරු නොදමා දොර වසා දමා තිබිණි.
තමන්ට සිදුවූ අසාධාරණය අපත් සමගින් පැවසූ සදමාලී මහත්මිය හඩමින් කියා
සිටියේ, මගේ මහත්තයා විශ්‍රාමික යුධ හමුදා සෙබලෙක්, 2015 වර්ෂයේ ජූලි මාසයේ
13 වැනිදා කාර්යාල කාර්ය සහයිකාවක ලෙස සේවයට බැදුනා. මේ පාසලට ආවේ ජනවාරී
17 වැනිදා.කලින් කටියාව ප්‍රදේශයේ පාසල් 2 ක වැඩ කළා, ඊට පස්සේ තමයි මේ
පාසලට ආවේ.
මේ විදුහල්පතිවරයා තමයි මට මේ පාසලට මාරුව හදාගන්න ගොඩක් උදව්
කලේ.ලියුම් පවා හදලා දීලා යන්න ඕන තැන් පවා කිව්වා.මම හිතුවේ ඒවා කලේ සර්
සද්භාවයෙන් කියලා. හැබැයි වැඩට ඇවිත් සති දෙකක් විතර යද්දී තමයි වටපිටාවයි
සර්ගේ තත්වෙයි දැන ගත්තේ. සර් මම වැඩ කර කර ඉද්දින් මගේ පිට අතගානවා, පිටට
තට්ටු දානවා, එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගද්දී මට දැනුනා මගේ පිට දිගේ
ඇගිල්ලකින් අතගානවා.
මට ඒ වෙලාවේ කෑ ගැහුණා.ඒ වෙලාවේ සර් කිව්වා ඇගිල්ල
වැදිලා ඔහොම නම් වෙන එකක් වදිද්දී කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට
මෙහෙට යද්දී මාව හරස් කරනවා.මම සර්ට කිව්වා තට්ටු දාලා මට්ටු වෙන්න එපා.මම
ඕවාට කැමති නෑ, ඕවට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කියලා.එදා ඉදන් මගේ රාජකාරී
ජීවිතේ විනාශ වූණා.මගෙන් එදා ඉදන් සර් පළිගන්න පටන් ගත්තා.මට විවිධ කරදර
කළා, මට මීට පෙර දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා.
මගේ අත්සන් ලේඛණ පවා
වෙනස් කරලා තිබුණා.සර් මට කියනවා සදමාලී පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම
ඉන්නේ පරිවාස කාළයේ ඔයාව මට අයින් කරන්න පුළුවන් කියනවා. මම සති දෙකකට
පස්සේ තමයි අද පාසලට ආවේ,ඊට පස්සේ මට කාර්යාලයට එන්න එපා එළියෙන් ඉන්න
කිව්වා.ඒ වෙලාවේ ඉදන් මම එළියේ හිටියේ.ඊට පස්සේ මට ඩියුටි ලිස්ට් එකක් එවලා
තිබුණා 7.30 ට පාසලට එන්න ඕන 3.30 ට පාසලින් පිට වෙන්න ඕන කියලා, යුනිෆෝම්
එක විදිහට ක්‍රීම් පාට සාරීය අදින්න කියලා තිබුණා.
ගුරුවරුන්ට මට අදාළ
රාජකාරී පවරා තිබෙන නිසා ඒ ගුරුවරු කියන රාජකාරී මම ඉටු කරන්න කියලා
රාජකාරී ලැයිස්තුවේ තිබුණා. මම තුන් වතාවක් කාර්යාලයට යන්න ගියා ඒත් මට
එළියෙන් ඉන්න කිව්වා.දෙමාපියෝ ළමයි මගේ දිහා බල බල යනවා, මම මෙතන රාජකාරී
කරපු රජයේ නිළධාරිනියක් මටත් ගරුත්වයක් තියෙනවා.ඒත් අද ඒ ගරුත්වය නැති කරලා
තියෙනවා.සර් දැන් කාර්යාලය වහලා කළාපයට ගියා මම දැන් එළියට වෙලා ඉන්නවා.
මේ විදුහල්පතිවරයා එක්ක රාජකාරී කරන්න අමාරුයි.මම ස්ථාන මාරුවක් කළාප හා
පළාත් අධ්‍යාපන කාර්යාල වලින් ඉල්ලුවා.තාම විසදුමක් ලැබුණේ නෑ, මට
රැකියාවෙන් අයින් වෙන්න හිතුනා,ඒත් දරුවන් තුන් දෙනාගේ අධ්‍යාපන කටයුතු වලට
මුදල් හොයා ගන්න මේ රැකියාව අවශ්‍යයි.බොහෝම අමාරුවෙන් මේ රස්සාව හදා
ගත්තේ..නමුත් ගුරුවරු, දෙමාපියෝ විදුහල්පතිවරයාගේ පැත්ත අරගෙන මට බණිනවා.මම
ඒ නිසා මහත්තයාට කථා කරලා කිව්වා මම වහ හරි බොනවා කියලා.
මට ඒ තරම් මේ
රස්සාව විතරක් නෙමෙයි මගේ ජීවිතයත් එපා වුණා.මට කලින් හිටිය කාර්යාල
සහයිකාවටත් මේ වගේ දේවල් කරලා එයත් බැරිම තැන තමයි මෙතැනින් ගිහින්
තියෙන්නේ. මම ඉල්ලන්නේ වැඩ කරන්න පුළුවන් තැනකට ස්ථානමාරුවක් ලබා දෙන්න
කියලා.මට මගේ රස්සාව බේරලා දෙන්න යැයි පැවසුවාය. අනතුරුව එම විදුහලේ විදුහල්පති විජිත ජයසිංහ මහතා පාසල වෙත පැමිණි අතර, ඒ
මහතා කියා සිටියේ රාජකාරී කටයුත්තක් සදහා තඹුත්තේගම කළාප කාර්යාලයට ගිය
බවයි.
පාසල් කාර්යාල සහයිකාව නගන චෝදනාව සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ
විමසීමේදී කියා සිටියේ මට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න බෑ,නමුත් ඔය කරන චෝදනා
අසත්‍යය. ඔය කියන සදමාලීට මේ පාසලට මම ස්ථාන මාරුව ගන්න උදව් කලේ.එයා
පාසල් කාර්ය සහයක , මෙයා පසලේ කාර්ය වලදී සහය දක්වන්නයි රාජකාරී වශයෙන්
තියෙන්නේ.මගෙත් එක්ක රාජකාරී කරන්න අමාරුයි කියලා මම එයාට කිව්වා.නමුත්
මෙයා රාජකාරී කරගෙන යන විට විවිධ චෝදනා මට කරන්න පටන් අරන්, කළාප කාර්යාලයට
පැමිණිලි කරලා තියෙනවා. 3.30 ට එයාට රාජකාරී කරන්න කිව්වේ ඒ පැය 8 රාජකාරී
වෙලාව.
එයා ඔය වගේ චෝදනා කරන විට මට මෙයාව මාත් එක්ක තනියම ඔෆිස් එකේ
තියාගන්න බෑනේ.මම එළියට දැම්මේ නෑ එයාව.අර විදිහේ දේවල් කියද්දී මට එයා
එක්ක මේ කාර්යාලය ඇතුලේ තනියම ඉන්න බෑ.එක පාරම රෙද්ද කඩාගෙන එළියට පැන්නොත්
මම මොනවා කරන්නද?මට මේවා මාධ්‍යයට කියන්න බෑ.මගේ ප්‍රකාශ මාධ්‍යයේ දාන්නත්
එපා .මට එයා එක්ක ප්‍රශ්නයක් නෑ, නමුත් එයා නිසි ලෙස රාජකාරී කරන්නේ නෑ,
එයා කරපු වැඩ ආයේ මම කරන්න ඕන නම් කාර්යාල සහයකයෙක් ඕන නෑනේ.යැයි පැවසීය.
Tuesday, May 23, 2017

Home
අනාවරණ
‘ඇඟිල්ල වැදිලා ඔහොම නම් වෙන එකක් වදිද්දී කොහොම කෑ ගහයිද” විදුහල්පති කාකාස ට කියයි ! (VIDEO)
‘ඇඟිල්ල වැදිලා ඔහොම නම් වෙන එකක් වදිද්දී කොහොම කෑ ගහයිද” විදුහල්පති කාකාස ට කියයි ! (VIDEO)
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment