ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් සමාගමක් වන ඩී පී ජයසිංහ ටුවර්ස් ඇන්ට් ට්‍රාන්ස්පොර්ට් සමාගමට අයත් රාජගිරියේ පිහිටි ඩීපී ටවර් ගොඩනැගිල්ල බදු පදනම මත කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා ගැනීම, නිසි භාවිතයකින් තොරව ඒ සඳහා රුපියල් කෝටි ගණනක් මාසිකව මුදල් ගෙවීම යන කරුණු පිළිබඳව පසුගිය සමයේ රට තුල දැඩි ලෙස කතාබහට ලක්වූ අතර එහි ප්‍රධාන වගෞත්තරකරු වශයෙන් බොහෝ පිරිසක් විසින් කිසිදු සොයා බැලීමකින් තොරව චෝදනා එල්ල කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාටය.
නමුත් පසුව එම ගොඩනැගිල්ල බදුපදනම මත ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බවත් මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් මූල්‍ය දායකත්වයට සහ දීර්ඝ කාලීන පෞද්ගලික මිත්‍රත්වයට ප්‍රතිඋපකාර දැක්වීමක් ලෙස මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයකට බදු පදනම යටතේ ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වුවද රුපියල් කෝටි ගණනක් අදාළ ව්‍යාපාරිකයාට ගෙවීමට සිදුවන අයුරින් මෙම ගනුදෙනුව සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇති බවත් හෙළි විය.
මෙම දූෂිත ගණුදෙනුවට අදාළව 2016 පෙබරවාරි 02 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල සන්දේශයේ අදාළ නිර්දේශ සහිත පිටුව සහ අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් යවන ලද ලිපියේ පිටපත් අප වෙත ලැබී තිබේ. එම ලිපිවලින් මෙම දූෂිත ගනුදෙනුවට අදාල වැරදිකරු අග්‍රාමාත්‍යවරයා බව පැහැදිලිව සනාථ වී තිබේ.
Thursday, May 18, 2017
Home
අනාවරණ
දුමින්ද මඩ කාපු – රනිල් දාපු – සබීතගේ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල සංදේශය මෙන්න (Exclusive)
දුමින්ද මඩ කාපු – රනිල් දාපු – සබීතගේ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල සංදේශය මෙන්න (Exclusive)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment