“ කල්පනා කර බලා , කැමති තීරණයක් ගන්න” යැයි උතුර මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට තමා දැනුම් දුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
උතුර මැද පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් පසුගිය සිකුරාදා තමා හමුවීමට පැමිණී මොහොතේ ඔවුන්ට මෙම දැනුම්දීම සිදු කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
උතුර මැද පළාත් සභාවේ පාලන බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට සහය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළා. ඒ අනුව, බහුතරයේ කැමැත්ත ඇති පුද්ගලයා මහ ඇමතිවරයා ලෙස පත් කිරීමට තමන්ට හැකි බව ද එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත කියා සිටියා.
Monday, May 15, 2017
මහින්දගේ තීරණය උතුර මැද මන්ත්‍රීවරුන්ට දන්වයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment