බිළිඳුන් හත් දෙනෙකු සහිත මාතෘ වාට්ටුවේ ගින්නක් - කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සියළු දෙනා බේරා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 15, 2017

බිළිඳුන් හත් දෙනෙකු සහිත මාතෘ වාට්ටුවේ ගින්නක් - කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සියළු දෙනා බේරා ගැනේ

මඩකළපුව ශික්ෂණ රෝහලේ මාතෘ ඒකකය පිහිටි ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ අළුත උපන් බිළිඳුන් හත් දෙනෙකු මාතෘ වාට්ටුව තුළ සිටි බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. නොමේරූ ළදරු ඒකකය ද වාට්ටුවට යාබදව  පිහිටා තිබූ අතර ගින්න ඇති වන අවස්ථාවේ එම ඒකකය තුළද දරුවන් සිටි බවයි අදාල ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ

ගින්න ඇති වීමත් සමග ගර්භණී මව්වරු අදාල වාට්ටුවෙන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනුණා. නොමේරූ ඒකකයේ සිටි ළඳරුවන් එම රෝහලේම දැඩිසත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. අළුත උපන් බිලිඳුන් ඔවුන්ගේ මව්වරුන්ට භාර දී ඔවුන් මඩකළපුව ශික්ෂණ රෝහලේම වෙනත් වාට්ටුවකට මාරු කිරීමට කාර්යය මණ්ඩලය යුහුසුළුව ක්‍රියා කළා.

ඉතා කඩිනමින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්යය මණ්ඩලයේ කැපවීම මත සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකී ගිය බවයි වාර්තා වන්නේ.ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට සැක පළ කරනවා. ගින්න පැතිරයාමක් වාර්තා නොවන අතර සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad