වැඩවර්ජන රැල්ල සහ සයිටම් විරෝධයත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සමාජයේ මෙන්ම මාධ්‍යයේ ද දැඩි කතා බහකට ලක් වුණා.වැඩවර්ජනය සහ සයිටම් විරෝධය දේශපාලනික බවත් පසුගිය රජය සමයේ සයිටම් සම්බන්ධයෙන් කිසිවක් කතා නොකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත මෙවැනි වැඩවර්ජන පවත්වන බවටත් චෝදනා එල්ල වුණා.
පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පසුගිය දා මුහුණට මුහුණ හමුවූ අපූරු අවස්ථාවක් කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු වුණා. ඒ, ජාත්‍යන්තර හෙද දින සැමරුම් උළෙල අවස්ථාවේදීයි. කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහළ ශාලාවේදී පසුගිය 13 වනදා ජාත්‍යන්තර හෙද දින සැමරුම පැවැත්වුණ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලාධාරීවරුන්ගේ සභාපතිවරයා මෙලෙස සුහද කතා බහක නිරතව සිටියා.
(ඡායාරූප උපුටා ගැනීම - දිවයින පුවත්පත)
Monday, May 15, 2017
දොස්තර පාදෙනිය සහ ජනපති හමුවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment