ඥානසාර භික්ෂුව වහා බැද දැමිය යුතුයි … මහින්ද රාජපක්ෂගේ පරාජය වූයේ ඥානසාරගේ ජාතිවාදි ප්‍රහාර මෙහෙම ගියොත් ඒ ඉරණම මේ ආණ්ඩුවටත් අත් වේවි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

ඥානසාර භික්ෂුව වහා බැද දැමිය යුතුයි … මහින්ද රාජපක්ෂගේ පරාජය වූයේ ඥානසාරගේ ජාතිවාදි ප්‍රහාර මෙහෙම ගියොත් ඒ ඉරණම මේ ආණ්ඩුවටත් අත් වේවි !

මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වුණේ ගෝඨාභය රාපක්ෂගේ අනුදැනුම මත ගලගොඩඅත්තේ ඥානසාර කියන භික්ෂුව මුල්වී ඇතිකළ ජාතිවාදී ප්‍රහාර බහුතර ජනතාව අනුමත නොකිරීම බව
පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ,

“අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳ සෑහීමකට පත් විය හැකියි. අලුත් ව්‍යාවස්ථාවක් සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම සඳහා නීතීඥ ලාල් විජේනායක මහතාගේ මෙහෙයවීමෙන් පත් කර ඇති කමිටුව රට පුරා යමින් මහජන අදහස් විමසීමට කටයුතු කළා. එම කමිටුව ඒ සම්බන්ධයෙන් සකස් කළ කමිටුව මේ වනවිට ආණ්ඩුවට භාර දී අවසන්. 


ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් කමිටුවක් සහ අනු කමිටු 6ක් පත් කළා. මේ අනු කමිටුවල වාර්තා හය මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා. ‍එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු මෙහෙයුම් කමිටුව සකස් කරන වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වුණේ ගෝඨාභය රාපක්ෂගේ අනුදැනුම මත ගලගොඩඅත්තේ ඥානසාර කියන භික්ෂුව මුල්වී ඇතිකළ ජාතිවාදී ප්‍රහාර බහුතර ජනතාව අනුමත නොකළ නිසයි. ඥානසාර භික්ෂුව අදත් කරලියට ඇවිත්. මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කෙරෙමින් පවතිනවා. ඒත් ඥානසාර කියන මේ භික්ෂුව අද වනතුරු ආණ්ඩුව පියවරක් ගෙන නෑ. මේක ආණ්ඩුවේ පැවැත්මට බරපතළ ලෙස බලපාන කාරණයක්. ඒ නිසා ඥානසාර වැනි භික්ෂූන් වහා බැඳ දැමිය යුතුයි. එසේ නැතිව මොන ආර්ථික, මොන දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න හැදුවත් වැඩක් නෑ.”

No comments:

Post a Comment

Post Bottom Ad