ඛණිජ තෙල් වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නව අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව එම වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්ත කුමාර පවසයි.ඛණිජ තෙල් සංස්ථා සේවකයින් පසුගිය අප්‍රේල් මාසයේදී ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්නජයක නිරත වුණා.
වැඩවර්ජනය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග කල සාකච්ඡාවේදී එකගවූ කරුණු වලට අනුව වැඩවර්ජනය අත්හිටුවීමට ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කළා.නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා නුදුරු අනාගතයේදීම අත්හිටවූ වැඩ වර්ජනය යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද ඔහු පැවසුවා.
නමුත් ඊට පෙර නව අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පවත්වන බවත් ,සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් දෙරට අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව යම් ගිවිසුමකට එළැඹෙන බවට තොරතුරක් හෙළිවුණොත් එදින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට සූදානම් බව ඔහු සදහන් කළා.
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
ඇමති මාරු වුණාට විරෝධය එලෙසමයි …ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාව අර්ජුණ කටයුතු කළොත් අඛණ්ඩ වැඩවර්ජනයක්
ඇමති මාරු වුණාට විරෝධය එලෙසමයි …ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාව අර්ජුණ කටයුතු කළොත් අඛණ්ඩ වැඩවර්ජනයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment