සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ රහසිගත තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව රහසිගතව ප්‍රශ්න කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක් බැදුම්කර කොමිසමට ඊයේ (15) ඉදිරිපත් කළ අවස්ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත වී තිබේ.
එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් පිටවීම ගැන කොමිසමේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටියේය. ලිවේරා මහතාගේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ප්‍රකාශ කළේ අදාළ ලේඛනය මහ බැංකුවෙන් පිටවීම ගැන සුදුසු පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝගයක් කිරීමට කොමිසම පියවර ගන්නා බවයි.
මේ උණුසුම්කාරී වාතාවරණය උද්ගත වූයේ අදාළ රහස්‍ය ලේඛනය ඉදිරිපත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය. ආචාර්ය වීරසිංහ මහතාට ඒ ගැන කොමිසම හමුවේ සාක්ෂි දීමට නම් ඊට පෙර ඒ ගැන මහ බැංකුවෙන් අවසර ගැනීමට සිදුවන බව ද මෙහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය.
ඒ අනුව මඳ වේලාවකට කොමිසමේ සාක්ෂි විභාගය අත්හිටුවන බවත් අදාළ ලේඛනය ගැන සාක්ෂි ලබාදීමට මහ බැංකු අධිපතිවරයාගෙන් දුරකථනයෙන් විමසා අවසර ගන්නා ලෙසත් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට දැනුම් දුන්නේය. මඳ වේලාවකට පසු යළිත් කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ කළ අතර එහිදී තමා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට දුරකථනයෙන් කතා කළ බවත් ඒ අනුව අදාළ රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් අනවසරයෙන් පිටවීම ගැන මහ බැංකු අධිපතිවරයාගේ අවධානය යොමු වූ බවත් වීරසිංහ මහතා කියා සිටියේය.
ඒ අනුව අදාළ ලේඛනය කොමිසම හමුවේ සලකා බලන ලේඛනයක් ලෙස සලකුණු කරන බවත් එහෙත් එය රහසිගත ලේඛනයක් ලෙස කොමිසම සලකන බවත් සභාපති විනිසුරු චිත්රසිරි මහතා පැවසී ය. ඒ අනුව අදාළ ලේඛනය ගැන ආචාර්ය වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතාට අවසර දුන් අතර එම සාක්ෂි විමසීම රහසිගතව සිදුකිරීමට ද කොමිසම තීරණය කරන ලදී. ඒ අනුව මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට කොමිෂන් ශාලාවෙන් තාවකාලිකව පිටවෙන ලෙස දන්වන ලදී.

No comments:
Post a Comment