පිළියන්දල ප්‍රහාරයෙන් තුවාල ලද දරුවන් බලන්න පොලිස්පති රෝහලට ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

පිළියන්දල ප්‍රහාරයෙන් තුවාල ලද දරුවන් බලන්න පොලිස්පති රෝහලට ගිහින්

පසුගිය 09 වන දින පිළියන්දල නගරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාරය හේතුවෙන් බරපතල ලෙස තුවාල ලද එම ස්ථානයේ රැදී සිටි
සිවිල් පුද්ගලයන්ගේ සුවදුක් විමසීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළුබෝවිල, කොළඹ දකුණ රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට කටයුතු කරන ලදී.

මෙහිදි කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔවුන්ගේ ඥාතීන් මුණගැසි කරුණු විමසීමට පොලිස්පතිතුමා ක්‍රියා කල අතර අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා පොලිසිය මගින් සැපයිමට කටයුතු කර ඇත.







No comments:

Post a Comment

Post Bottom Ad