ෆිනෑන්ස් සමාගමකට එන්ජිමක් නොමැති චැසි අංකය ව්‍යාජව මුද්‍රණය කළ ලොරි රථයක් භාරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු ලක්‍ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
අධිකරණයට බොරු ප්‍රකාශ ලබාදීම පිළිබඳවද විත්තිකරුට දැඩිව අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය වාහනයක් වීමට එන්ජිමක් සහ චැසි අංකයක් තිබිය යුතු බවද දැනුම් දුන්නාය. ෆිනෑන්ස් ගෙවීමට නොහැකි වීම මත වාහනය ෆිනෑන්ස් සමාගමට භාරදීමට විත්තිකරුත් අබලන් තත්ත්වයෙන් වුවද වාහනය භාරගැනීමට ෆිනෑන්ස් සමාගමත් එකඟ වී ඇත.
ඒ අනුව එන්ජිම නොමැතිව සහ දේශීයව චැසි අංකය මුද්‍රණය කර ලොරි රථය ෆිනෑන්ස් සමාගමට භාරදීමට විත්තිකරු කටයුතු කර ඇත. විත්තිකරු විසින් ලොරි රථය මිලදී ගැනීම සඳහා ෆිනෑන්ස් සමාගමෙන් ලක්ෂ 22ක ණය පහසුකමක් ලබාගෙන තිබෙන අතර ඔහු විසින් ණය වාරික ගෙවීම පැහැර හැරීම මත ගෙවිය යුතු මුදල ලක්ෂ 42ක් වී තිබේ.
ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් නීතිඥ වසන්ත ප්‍රනාන්දු මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබිණි.
Tuesday, May 23, 2017

ලොරියේ ෆිනෑන්ස් එක ගෙවන්න බැරිවුණාම අයිතිකරු කරපු මෝඩ වැඩක්
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment