ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ඥාණසාර හිමි ගැන රනිල්ගෙන් ඉඟියක්

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ අනුබලය මත පසුගියදා කුරුණෑගලදී මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ලවීම සම්බන්ධ පුවතින් පසු ඒ ගැන නොකියා ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන  කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ අද සඳහන් කර තිබේ. 

අද (23) දින අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා ඇත. “දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගියයි. කවුරුන් හෝ මේ සමගිය කඩන්නට හදනවා නම් ඊට එරෙහි විය යුතුයි. බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. 

එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“

No comments:

Post a Comment

Post Bottom Ad